IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අපනයන අංශයට ජී.එස්.පී ප්ලස් අතිශය වැදගත් - ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උපායමාර්ගික වැදගත්කම ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පසුගියදා අවධාරණය කළේය.
ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව මුහුණදීමට සිදුවූ පෙර නොවූවිරූ අභියෝග හමුවේ රට ස්ථාවර කිරීමට දරන උත්සාහයේදී ජී.එස්.පී ප්ලස් සහනය නැවත ලබා ගැනීම සඳහා සියලු‍ දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ඒ සඳහා රජයට තම මණ්ඩලයේ පූර්ණ සහයෝගය හිමිවන බවත් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ ප්‍රකාශ කළේය.
ජී.එස්.පී ප්ලස් යනු මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික තිරසාරභාවය සහ යහපාලනයට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ක්‍රියාත්මක කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට යුරෝපා සංගමය විසින් පිරිනමනු ලබන විශේෂ වෙ​ෙළඳ විධිවිධානයකි. එමගීන් ශ්‍රී ලංකාවට තීරුබදු රහිත පදනමක් මත නිෂ්පාදන 
6,000 කට වැඩි ගණනක් යුරෝපා සංගම් වෙළඳපොළට අපනයනය කිරීමට ඉඩ සැලසේ. වසර ගණන ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් පසුව සහ සක්‍රීය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරිත්වය ඔස්සේ 2017 වසරේදී නැවත වරක් ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සහනය නැවත හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ සභාපති කෞෂාල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සිය ආර්ථිකය යථා තත්වයට පත්කර ගැනීමට යන ගමනේදී ජී.එස්.පී ප්ලස් සහනය ඉතා වැදගත් වනවා පමණක් නොව එය අත්‍යාවශ්‍ය බවය. 
ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සහ මහා ලේකම් ෂිහාම් මරිකාර් මහතා ප්‍රකාශ කර සිටියේ 2010 වසරේ ශ්‍රී ලංකාව සිදුකළ වැරදි නැවත වරක් සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවයි. 



අදහස් (0)

අපනයන අංශයට ජී.එස්.පී ප්ලස් අතිශය වැදගත් - ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site