IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අදානි ව්‍යාපෘතිය: ඩොලර් සත 6 ට අඩුවෙන් විදුලිය ගන්න සාකච්ඡා - ඇමැති නලින්ද කියයි

නිමල කොඩිතුවක්කු


අද‌ානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට අනුව විදුලිය මිල දී ගැනීමේ මිල ඩොලර් සත 6කටත් වඩා අඩු ගණනක් දක්වා පහළට ගෙන යාමට සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී ඊයේ (28) පැවසීය.

අද‌ානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය මගින් විදුලි ඒකකයක් වෙනුවෙන් ඉල්ලා ඇති මුදල වැඩි බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා තවදුරටත් මෙසේද කීවේය.

 “ඒ මිල වැඩියි කියල අපි රජයක් විදියට විශ්වාස කරනවා. ඒ අනුව රටටත් වාසිදායක වන ආකාරයට ඩොලර් සත 6කටත් වඩා අඩු ගණනකට අරගෙන යන්න තමයි මේ සාකච්ඡා දියත් වෙමින් තියෙන්නේ. මං හිතන්නේ රජයක් හැටියට, රටක් හැටියට ඒක අපි අත්පත් කරගත යුතු තත්වයක්. මේ ව්‍යාපෘතිය නෙමෙයි කැන්සල් වෙන්නේ. ව්‍යාපෘතියට 2022 තමයි මුලින්ම එකඟතාව පළ කරලා, සාකච්ඡා ආරම්භ කරලා තිබුණේ. ව්‍යාපෘතියේ විදුලිය මිල දී ගැනීම සම්බන්ධව තමයි මේ සාකච්ඡාව දියත් වෙමින් තියෙන්නේ.

රටට වාසියක් වෙන ආකාරයට ඒ මිල ගණන් සංශෝධනය කරගන්න අපි රජයක් හැටියට උත්සාහ කරමින් ඉන්නවා. පුනර්ජනනීයම කිව්වාට හරියන්නේ නැහැ. පුනර්ජනනීය කියන එකේ රටට ලාබයක් තියෙන්න ඕනේ. අපේ මැදිහත්වීම තියෙන්නේ මේක තව ප්‍රමාණයකට අඩු කරගන්න. අඩු කරගන්න පුළුවන් කියන විශ්වාසයක් අපිට තියෙනවා.”

 



අදහස් (0)

අදානි ව්‍යාපෘතිය: ඩොලර් සත 6 ට අඩුවෙන් විදුලිය ගන්න සාකච්ඡා - ඇමැති නලින්ද කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site