IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


SLT-MOBITEL සහ දුම්රිය දෙපාර්තමේන්තුව එකතුවෙන් විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ක්‍රමය ඩිජිටල්කරණය කරයි

SLT-MOBITEL  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක්වී, මෙරට විශ්‍රාමිකයන්ටSLT-MOBITEL  සතු අතිනවීන විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වන mTicketing  සේවාව හරහා දුම්රිය බලපත්‍ර (වොරන්ට්) ලබාගැනීමේ අවස්ථාව සලසා දී තිබේ. විශ්‍රාමික ජනතාවට වඩාත් පහසුවෙන් තම ගමනාගමන අවශ්‍යතා සපුරාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙය සිදුකරන ලදී. 
මෙලෙස ඩිජිටල්කරණය කරන ලද විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ක්‍රමය නිල වශයෙන් දියත් කිරීම පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් සහSLT-MOBITEL  සමාගමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහග 
මීට පෙරSLT-MOBITEL  හි මාර්ගගත ප්‍රවේශ ඔස්සේ විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ විද්‍යුත් ගමන් බලපත්‍ර වෙන්කරවා ගැනීමේ හැකියාව පැවතුණේ  මහජනතාවට සහ රජයේ සේවකයන්ට පමණි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමේ ක්‍රියාවලියේ එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විශ්‍රාමිකයන්ට ද තම නිවසේ සිටම, ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ඩිජිටල් පදනමක් හරහා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට හැකියාව ලැබී තිබේ.


ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් මෙරට විශ්‍රාමික ජනතාව වෙනුවෙන් ඩිජිටල් විසඳුම් පිරිනැමීමට හැකි වීම පිළිබඳවSLT-MOBITEL බෙහෙවින් සතුටු වෙයිග මෙය රටේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් කැපවන අතරම, විශ්‍රාමිකයන් දීර්ඝ කාලයක් පුරා රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ඇගයීම සඳහා සමාගම දක්වන උනන්දුවට මනා සාක්ෂියකි. 
පසුගිය වසරේදී මහජනතාවට දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා SLT-MOBITEL හඳුන්වා දුන් ක්‍රමවේදය බෙහෙවින් සාර්ථක වූ අතර, එහි ඉදිරි පියවරක් වශයෙන් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙන ලදී. එමෙන්ම මෙය රටේ සියලුම ජනතාවට සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා දරනු ලබන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ. 

 



අදහස් (0)

SLT-MOBITEL සහ දුම්රිය දෙපාර්තමේන්තුව එකතුවෙන් විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ක්‍රමය ඩිජිටල්කරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site