
පාකිස්තානීය ආහාර සංස්කෘතියේ ඇති සුවිශේෂී රස මෙරටට හඳුන්වා දුන් ප්රමුඛතම සූපශාස්ත්ර සන්නාමයක් වන Khayaban, සිය පස්වැනි ශාඛාව කොළඹ පිහිටි Arcade Independence Square පරිශ්රයේදී ආරම්භ කරමින්, සිය ව්යාපාරික ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. 1998 වසරේදී ආරම්භ වූ සිය සාම්ප්රදායික ආහාර වට්ටෝරු මත පදනම් වූ පාරම්පරික උරුමය ඉදිරියට ගෙන යමින්, පාකිස්තානයටම ආවේණික, විවිධාංගීකරණය වූ සුවිශේෂ රසවලින් සමන්විත අත්දැකීමක් මෙරට පාරිභෝගිකයා වෙත සමීප කිරීමට Khayaban නිරන්තරයෙන් කැපවී සිටියි.
Arcade Independence Square හි අලුතින් විවෘත කරන ලද food truck රථය, Khayaban හි තවත් වැදගත් සන්ධිස්ථානයක් වනවා. මෙය හුදෙක් ශාඛා ව්යාප්තියක් පමණක් නොව, කොළඹ නගරයේ ජනප්රියම ජීවන රටා සහ විනෝදාස්වාද මධ්යස්ථානයක් තුළ සිටින පාරිභෝගිකයන්ට උසස් ප්රමිතියෙන් යුත් සාම්ප්රදායික ආහාර, සුහදශීලී ආගන්තුක සත්කාරය සහ විශිෂ්ට භෝජන අත්දැකීමක් ලබා දීමට ඇති කැපවීම තහවුරු කිරීමකි.
Khayaban යනු ශ්රී ලංකාව පුරා සුවිශේෂී සන්නාම සමූහයක් ගොඩනගමින් සිටින Liberty Lands & Developments (LLD) සමූහ ව්යාපාරයේ ආහාර පාන ජාලය වන Food Studio හි එක් අංගයකි. ප්රබල ආහාර සංකල්ප නිර්මාණය කිරීම සහ ඒවා ව්යාප්ත කිරීම කෙරෙහි Food Studio ආයතනය තබා ඇති අවධානයත් සමග, Khayaban සිය පාරම්පරික පාකිස්තානීය සූපශාස්ත්ර උරුමය තවදුරටත් ශක්තිමත් කරමින් සිටියි. එහි ඇති පාරම්පරික බව සහ ඉදිරි ව්යාප්තිය උදෙසා වන දැක්ම එකට එක් කරමින්, සිය සන්නාමය තවදුරටත් පාරිභෝගිකයන් අතරට ගෙන යාමට Khayaban කැපවී සිටියි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Khayaban අධ්යක්ෂ Naufer Cassim මහතා ප්රකාශ කළේ, 1998 වසරේ ආරම්භයේ සිටම පාකිස්තානයේ ආවේණික රසයන්, සංස්කෘතික උරුමය සහ උණුසුම් ආගන්තුක සත්කාරය ශ්රී ලංකාවට හඳුන්වා දීමේ දැඩි උද්යෝගයකින් Khayaban ක්රියාත්මක වූ බවයි. කොළඹ ආහාර ක්ෂේත්රයේ වෙනස්කම් සමග සන්නාමය වර්ධනය වුවද, එහි පැවති විශ්වාසනීයත්වය සහ සැබෑ සාම්ප්රදායික බව සැමවිටම සුරක්ෂිත කළ බවත්, පාකිස්තානීය සූපවේදීන්ගේ අත්දැකීම් සහ පාරම්පරික පිසීමේ ක්රමවේද හරහා සෑම කෑම වේලකටම සුවිශේෂී රසයක් එක් කරන බවත් ඒ මහතා පැවසීය. එමෙන්ම සිය ආයතනයේ සුවිශේෂී බිරියානි, කෙබාබ් මෙන්ම සාම්ප්රදායික ව්යාංජන වර්ග හරහා පාකිස්තානීය ආහාර සංස්කෘතියේ පොහොසත් බව පිළිබිඹු වන බවත්, Arcade Independence Square හි පස්වැනි ශාඛාව විවෘත කිරීම මගින් තවත් විශාල පාරිභෝගික පිරිසකට මෙම රසයන් අත්විඳීමට අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd