ශ්‍රී ලංකාවේ ආහාරපාන ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වන Street Burger  2026 ඔක්තෝබර් මාසයේදී සිය 10 වන සංවත්සරය සැමරීය. Marine Drive හි කුඩා ‘Food Truck’  එකකින් ආරම්භ වූ Street Burger අද වන විට විශාල දියුණුවක් අත්පත් කරගෙන තිබේ. ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ සහ අධිෂ්ඨානයේ පිළිබිඹුවක් වනStreet Burger  බර්ගර් කලාවට ශ්‍රී ලාංකික මුහුණුවරක් එක් කරමින් දශකයක් පුරා පාරිභෝගික හදවත් දිනාගැනීමට සමත් විය. 

කොළඹ නගරයේ Casual-dining  ක්ෂේත්‍රය ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර Fast Food  සන්නාමවල ආධිපත්‍යයට යටත්ව තිබූ යුගයක, 2016 වසරේදී Street Burger  ආරම්භ කෙරිණි. නැවුම් අමුද්‍රව්‍ය, උසස් තත්වය සහ දේශීය වෙළෙඳපොළේ රුචිකත්වයට ගැළපෙන රසයන් ඔස්සේ සුවිශේෂී බර්ගර් අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබා දීම එහි ප්‍රධානතම අරමුණ විය.

Street Burger සහ එහි නවතම සන්නාමය වනAdikted  හි සම-නිර්මාතෘවරුන් වන්නේ තරීක් ෂිබ්ලි සහ මසූන් සමූන් යන ව්‍යවසායකයන් දෙපළයි. විදේශ රටවල ආහාරපාන කර්මාන්තය තුළ ලැබූ අත්දැකීම් ඔස්සේ ඔවුහු ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ පැවති අවස්ථා නිවැරදිව හඳුනාගැනීමට සමත් වූහ. ඒ අනුව තම වෘත්තීය දැනුම හා පළපුරුද්ද සමඟ ආහාර පිළිබඳ උනන්දුව සහ ව්‍යවසායකත්වයේ මහිමය එක්තැන් කරමින් ඔවුහු Street Burger  ආරම්භ කළහ.

සාම්ප්‍රදායික අවන්හලක් වෙනුවට ආහාර අලෙවි කරන රථයකින් සිය ව්‍යාපාරය ඇරඹීමට ඔවුන්ට අවශ්‍ය විය. එමඟින් පාරිභෝගිකයන් සමග සෘජුව සම්බන්ධ වීමටත්, තම ව්‍යාපාරික සංකල්පය ප්‍රායෝගිකව අත්හදා බැලීමටත් ඔවුන්ට අවස්ථාව ලැබිණි. එය ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග තීරණය කළ වැදගත් පියවරක් බවට පත් විය. Street Burger  පිළිබඳ ආරංචිය පැතිර යත්ම, පාරිභෝගිකයෝ වැඩි වැඩියෙන් ඒ පිළිබඳව උනන්දු වන්නට පටන් ගත්හ. වේගයෙන් ඉහළ යමින් පවතින ඉල්ලුමට සරිලන පරිදි ව්‍යාපාරය පුළුල් කළ යුතු බව නිර්මාතෘවරුන්ට වැඩි කල් නොගොස් පැහැදිලි විය.

ව්‍යාපාරය මෙලෙස ක්‍රමයෙන් වර්ධනය වෙද්දී සිම්රාන් සෆරුල්ලා සහ ෂසාඩ් ෆවුස් දStreet Burger  සමඟ එක් වූහ. ඔවුන්ගේ අත්දැකීම් සහ නව ආකල්පද සමගින් සමාගම එහි වර්ධනයේ නව අදියරක් වෙත පිවිසිණි. අද වන විටStreet Burger  ස්වාධීන අවන්හල් 8 ක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර, ඊට අනුබද්ධ තවත් ආහාර සන්නාමයක් වනAdikted  ද හඳුන්වා දී තිබේ. කෙසේ නමුත් ව්‍යාපාරය කෙතරම් පුළුල් වී තිබුණද, එහි අනන්‍යතාව තවමත් එහි ආරම්භක සංකල්ප හා පදනම සමග තදින් බැඳී පවතී. නැවුම් දේශීය නිෂ්පාදන, උසස් තත්වයේ අමුද්‍රව්‍ය, නොවෙනස් ගුණාත්මකභාවය සහ බර්ගර් සංකල්පයට සුවිශේෂී ශ්‍රී ලාංකික අර්ථකථනයක් එක්කිරීම යන ලක්ෂණ තවමත් Street Burger හි අනිවාර්ය අංග වේ.

මේ සම්බන්ධයෙන් Street Burger  හි සම-නිර්මාතෘවරුන් වන තරීක් ෂිබ්ලි සහ මසූන් සමූන් මෙසේ අදහස් දැක්වූහ.  Street Burger  ඇරඹුණේ උසස් තත්වයේ Casual-dining  අත්දැකීමක් සොයන පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාරපාන පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින්. සුළුවෙන් ඇරඹුණු ඒ ගමන අද විශාල දුරක් පැමිණ තිබෙනවා.