ගෝලීය නිර්ණායකවලට අනුකූලව සකස් කරන ලද විධිමත් අධ්‍යාපන වැඩසටහන්
වසර 20කට අධික කාලයක් පුරා උසස් තත්වයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයක් ලබාදීම පිළිබඳ අත්දැකීම් ඇති ESOL College International ආයතනය, ලොව පිළිගත් Pearson Edexcel iPLS මධ්‍යස්ථානයක් ලෙස නිල වශයෙන් ලියාපදිංචි වී ඇත. ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් සිසුන්ට පිරිනමමින් සිය ඉහළ අධ්‍යාපනික ප්‍රමිති තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ආයතනය දක්වන කැපවීම මෙම නව පියවර හරහා මැනවින් පිළිබිඹු වේ. මේ සමග, ගෝලීය නිර්ණායකවලට අනුකූලව සකස් කරන ලද විධිමත් අධ්‍යාපන වැඩසටහන් සපයන විශ්වාසනීය ආයතනයක් ලෙස ESOL College International හි නාමය තවදුරටත් තහවුරු වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ආයතනයේ අධ්‍යක්ෂ හිමන්ත කරුණාරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය. තම ආයතනයේ අධ්‍යාපන ආකෘතිය පැහැදිලි බව, විනය සහ නම්‍යශීලී බව මත පදනම් වී ඇති බවයි. සිසුන්ට අනවශ්‍ය පීඩනයක් ඇති නොවන පරිදි, සති අන්තයේ සහ සවස් කාලයේ පැවැත්වෙන දේශන මාලා හරහා ඕනෑම අයකුට පහසුවෙන් මෙම පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සලසා දී තිබේ. Pearson මට්ටම්වලට අනුකූලව සකස් කළ විෂය නිර්දේශය, අඛණ්ඩ ඇගයීම් සහ ශක්තිමත් අධ්‍යාපනික අධීක්ෂණය යටතේ මෙහෙයවන බැවින්, සිසුන්ට ඉතා පැහැදිලි ගෝලීය රාමුවක් තුළ සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යක්ෂිකා අමාලි ජයසිංහ මහත්මිය ප්‍රකාශ කළේ, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට සහ නිවසේ සිට අධ්‍යාපනය ලබන (Home schoolers ) දරුවන්ට සිය දෛනික කාලසටහනට බාධාවකින් තොරව කුසලතා පූර්ණ ජාත්‍යන්තර සුදුසුකමක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ බවයි. සවස් කාලයේ ක්‍රියාත්මක වන මෙම විධිමත් අධ්‍යාපන ආකෘතිය නිසා සිසුන්ට තම වත්මන් අධ්‍යයන කටයුතු අතරතුරදීම විශ්වාසනීය මඟපෙන්වීමක් සහ විභාග සේවා සහිතව ජාත්‍යන්තර සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව හිමි වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd