DFCC බැංකුව රුපියල් බිලියන 12.5ක් රැස් කරගැනීම වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරිමට සැලසුම් කර ඇති ණයකර නිකුතුව වෙත BBB+  ලෙස අවසන් ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරිමක් ලබා දෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.   

මෙම නිකුතුව බාසෙල් III අනුකූල, උපප්‍රධාන, සුරක්ෂිත නොවූ ණයකරයක් ලෙස සිදු කිරිමට යෝජනා වී තිබේ. වසර පහකින් කල්පිරෙන ලෙස නිකුත් කෙරෙන මෙම නිකුතුව කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරිමද සැලසුම වී තිබේ. මේ හරහා බැංකුවේ අදියර 2 ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරගැනීම සහ ශේෂ පත්‍රයේ වර්ධනයට සහාය ලබාගැනීම අරමුණ වී තිබේ.