IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


COMPLAST 2023 ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සවිබල දෙයි

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරනු ලබන COMPLAST 2023 නිෂ්පාදන ප්‍රදර්ශනය ඉකුත්දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය (PRISL), ඉන්දියානු සමාගමක් වන Smart Expos India (PVT) Ltd සහ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඒකාබද්ධ සහයෝගීතාවෙන් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය මෙරට කාර්මික නිෂ්පාදනවල සංවර්ධනය ගෝලීය මට්ටමින් ප්‍රවර්ධන කිරීම අරමුණු කරගෙන තබුණි.

"Shaping Innovation, Powering Progress " යන තේමා පාඨය යටතේ සංවිධානය වන මෙම ප්‍රදර්ශනය කර්මාන්ත හා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

සුවිශේෂි සම්භාවනීය ආරාධිතයන් වශයෙන් මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම යන මහත්වරු සහභාගි වූ අතර ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් මෙරට කාර්මික සංවර්ධන සඳහා ඇති කැපවීම මෙම ප්‍රදර්ශනයේදී සනිටුහන් කරන ලදී.

දින තුනක් පුරා පැවැත්වුණු මෙම ඒකාබද්ධ ප්‍රදර්ශනය තුළ කාණ්ඩ 05ක් යටතේ සමගාමී ප්‍රදර්ශන සංවිධානය කර තිබීම සුවිශේෂීත්වයකි. එහිදී RUBEXPO 2023 ප්‍රදර්ශනය හරහා රබර් කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ නිෂ්පාදන රාශියක් ප්‍රදර්ශනය කරන අතර COMEXPO 2023 ප්‍රදර්ශනය හරහා නිෂ්පාදන අංශයේ වර්ධනය කෙරෙහි නවීන තාක්ෂණික විසඳුම් හා සේවාවන්ගේ දායකත්වය ඉදිරිපත් කළේය. TOFAS 2023 ප්‍රදර්ශනය හරහා දෘඪාංග මෙවලම් හා භූමි නිර්මාණකරණය උදෙසා යොදාගන්නා මෙවලම් පිළිබඳව දැනුවත් කිරීම සිදුවුණි. MOPEEXPO 2023 ප්‍රදර්ශනය පළමු වරට මෙම ඒකාබද්ධ ප්‍රදර්ශනයට එක්වන අතර එහිදී මෝටර් රථ අමතර කොටස්, ටයර්, බැටරි සහ ගරාජ් උපකරණ පිළිබඳව දැනුවත් කළේය. MOPEEXPO සඳහා ශ්‍රී ලංකා ඔටෝ කම්පොනන්ට් මැනුෆැක්චර්ස් ඇසෝෂියේෂන්, චෙම්බර් ඔෆ් ඔටෝමොබයිල් ප්‍රොෆෙෂනල් ඇන්ඩ් එන්ටර්ප්‍රයිසස් මෙන්ම ලංකා මෝටර් ස්පෙයාර් පාර්ට්ස් ඩීලර් ඇසෝෂියේෂන් යන සංගම්වල පූර්ණ සහයෝගීත්වය හිමිවුණි.

මෙම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාගම් 200ක් පමණ සහභාගී වූ අතර, එයට ඉන්දියානු සමාගම් 50කට අධික සංඛ්‍යාවක් මෙන්ම චීන හා ශ්‍රී ලංකා සමාගම් 80ක් පමණ ඇතුළත් විය.

595



අදහස් (0)

COMPLAST 2023 ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සවිබල දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1146 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1153 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site