මේ වසරේ ජූලි මාසය අවසන් වන විට මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,591 ක් ලෙස සටහන්ව වන බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය ජූනි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 6,450 හා සැසඳීමේදී සියයට 2.06 ක වර්ධනයකි. 
කෙසේ වෙතත් මෙම සංචිතය තුළ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම්ද අන්තර්ගතවන බව මහ බැංකුව පවසයි. 
මහ බැංකුව පසුගියදා නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකයේ මෙම කරුණු ඇතුළත්ව තිබේ. 
මේ අතර ජුලි මාසයේදී මහ බැංකුව වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 348.6 ක එක්සත් ජනපද ඩොලර් මිලදී ගැනීමක් සිදු කර ඇති අතර, කිසිදු ඩොලර් විකිණීමක් සිදු කර නැති බවත් පවසයි. ඒ අනුව වසර තුළ මහ බැංකුව වැඩිම ඩොලර් ප්‍රමාණයක් මිලදී ගත් මාසය ලෙසත් මෙය සැලකෙයි.