ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ ක්වේටය අතර ගුවන් ගමන් යළි ආරම්භ කළ බව පවසයි. ඒ අනුව අගෝස්තු 08 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගුවන් ගමන් යළි ඇරඹී තිබේ.
මෙහිදී UL 229 දරන ගුවන් යානය බදාදා දින හැර සතියේ සෑම දිනකම පස්වරු 17.10 ට කොළඹ සිට ක්වේටය බලා පිටත්වන බවත්, ආපසු පැමිණෙන UL 230 දරන ගුවන් යානය එම දිනවලම ක්වේට වේලාවෙන් රාත්‍රී 21.10 ට පිටත්ව මෙරට වේලාවෙන් පසුදින අලු‍යම 05.15ට කොළඹ වෙත ළගාවීමට නියමිතව ඇතැයිද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි. පෙබරවාරි මාසය අගදී මැදපෙරදිග ඇති වූ යුද ගැටුම් හේතුවෙන් මෙම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවුණි.