
2025 වසරේ ජූලි 01 සිට 2026 ජූනි 30 වැනිදා දක්වා ගත වූ වසරක කාලය තුළදී කොළඹ කොටස් හුවමාරුව (CSE) ශක්තිමත් එහෙත් අස්ථාවර ගමනක් පැමිණ ඇති බව කොටස් තැරැව්කාර ආයතනයක් වන Almas Equities පවසයි.
CSE දත්ත යොදා ගනිමින් Almas Equities Research ඉදිරිපත් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි.
ඒ අනුව අදාළ කාලසීමාවේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,996.7 ක සිට ඒකක 22,263.3 ක් දක්වා සියයට 23.7 කින්ද, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 5,342.9ක සිට ඒකක 6,205.1 ක් දක්වා සියයට 16.1 කින්ද ඉහළ ගොස් තිබෙන බව එම ආයතනය පවසයි.
එසේම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයද අදාළ කාලසීමාවේදී රුපියල් බිලියන 6,424 ක සිට රුපියල් බිලියන 8,124 ක් දක්වා සියයට 26.5කින් ඉහළ ගොස් තිබේ.
“විශේෂයෙන්ම මෙම වර්ධනය ලැයිස්තුගත විශාල ප්‍රාග්ධනීකරණ සමාගම්වලින් ඔබ්බට විහිදී ගිය බව පෙන්නුම් කරනවා.
කෙසේ වෙතත් භූ දේශපාලනික ආතති, රුපියලේ අවප්‍රමාණය, ඉහළ යන උද්ධමනය සහ දැඩි මුදල් ප්‍රතිපත්ති තත්වය අස්ථාවර කාල පරිච්ඡේද නිර්මාණය කළද, බාහිර තත්වය වැඩිදියුණු වීම වසර අවසානයේ ශක්තිමත් ප්‍රකෘතියකට සහාය වුණා.“
එසේම වෙළෙඳපොළ P/E (මිල-ලභාංශ අගය) සහ P/B (මිල-පොත් අගය) ගුණාකාරවල ප්‍රසාරණය ආයෝජක විශ්වාසය සහ අවදානම් රුචිකත්වයේ පැහැදිලි දියුණුවක් පිළිබිඹු කර තිබෙන බවත් Almas Equities සඳහන් කරයි.
දත්ත අනුව ගත වූ වසරක කාලය තුළදී සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය 24,070.9 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව ගත වූ සති 52 ක කාලය තුළ ඉහළම අගය 24,070.9ක් ලෙසත් අඩුම අගය 17,882.9 ක් ලෙසත් සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd