IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


CICT TEU මිලියන 4ට අඩු ආසියාවේ හොඳම බහාලු‍ම් පර්යන්තය ලෙස නව වැනි වරටත් පිදුම් ලබයි

කොළඹ ජාත්‍යන්තර බහාලු‍ම් පර්යන්තය (CICT) ආසියාතික ප්‍රවාහන සේවා, ලොජිස්ටික්ස් සහ සැපයුම්දාම සඳහා වූ AFLAS සම්මාන උළෙලේදී, TEU මිලියන 4ට අඩු ආසියාවේ හොඳම බහාලු‍ම් පර්යන්තය ලෙස නැවතත් ගෞරවයට පාත්‍රව ඇත. 
CICT විසින් එම සම්මානය හිමිකරගත් නව වැනි වසර මෙය වන අතර, ප්‍රතිනැව්ගත කිරීම සහ බහාලු‍ම් හැසිරවීම සඳහා ප්‍රමුඛතම කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස පර්යන්තය ලබා ඇති කීර්තිය තහවුරු කිරීමකි.
සැප්තැම්බර් 3 වැනි දින පවත්වන ලද 2025 AFLAS සම්මාන උළෙල, ආසියා සහ පැසිෆික් කලාපයේ භාණ්ඩ ප්‍රවාහන, ලොජිස්ටික්ස් සහ සැපයුම්දාම කර්මාන්තයෙහි දැවැන්තයන් විශාල කොටසක් එක්රැස් කළේය.
ඒෂියා කාර්ගෝ නිවුස් සඟරාව විසින් වසරකට වරක් පවත්වනු ලබන AFLAS සම්මාන උළෙල, නායකත්වය, විශ්වාසනීයත්වය, නවෝත්පාදනය, පාරිභෝගික සබඳතා සහ අඛණ්ඩ ගුණාත්මක සේවා සඳහා හොඳ නාමයක් දිනූ ආයතන අගය කිරීම උදෙසා පවත්වයි. AFLAS සම්මාන ප්‍රදානයේ විනිවිද පෙනෙන ලක්ෂණයක් වන්නේ අනෙකුත් සම්මානවලට වෙනස්, අදියර තුනක ක්‍රියාවලියකින් සමන්විත තේරීම් මූලධර්මයි. නාමයෝජනාව, තාක්ෂණික ඇගයීම පමණක් නොව AFLAS සම්මාන හිමිකරුවන් සඳහා අවසාන ඡන්දය ප්‍රකාශ කරන්නේ, ලොජිස්ටික්ස් වෘත්තිකයන්, භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්, සහ ආසියා පැසිෆික් කලාපය පුරා සිටින සේවාලාභීන් වැනි කර්මාන්තය තුළම ක්‍රියා කරන්නන් විසිනි. මෙවර, කාණ්ඩ 49කට වඩා වැඩි සංඛ්‍යාවක් AFLAS සම්මාන සඳහා සුදුසුකම් ලැබූ අතර, සෑම කාණ්ඩයකම ඉහළම නාමිකයන් හතරදෙනා අවසාන වටයට තේරී පත් විය. වසර නවයක් අඛණ්ඩව මෙම සම්මානය හිමිකර ගැනීම, තරගකාරී කලාපීය සහ ගෝලීය පරිසරයක් තුළ වුවද, විශ්වාසනීය, උසස් තත්වයේ සේවා සැපයීම වෙනුවෙන් CICT හට ඇති කැපවීම සනාථ කරයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ CICT හි ප්‍රධාන විධායක නිලධාරී ජැන් ෂැන්ග් මහතා මෙසේ පැවසීය. “මෙම ජයග්‍රහණය, ආසියා පැසිෆික් කලාපය පුරා සිටින අපගේ වටිනා හවුල්කරුවන් සහ සේවාග්‍රාහකයන්ගේ සහයෝගය මෙන්ම ඔවුන් අප තුළ තබා ඇති විශ්වාසයට නිදසුනක්. සේවා විශිෂ්ටත්වය සඳහා අපට ඇති අඛණ්ඩ කැපවීම මෙලෙස පිළිගැනීමට ලක්වීම අපට ඉමහත් ආඩම්බරයක්. එපමණක් නොව, නිරතුරුව වර්ධනය වන කර්මාන්තයක අවශ්‍යතා සපුරාලීම සඳහා නවෝත්පාදනය කිරීමට මෙය අපව දිරිමත් කරනවා.
වේගයෙන් දියුණු වන කර්මාන්තයක කැපී පෙනෙන ජයග්‍රහණ අගයන ප්‍රධාන වේදිකාවක් ලෙස AFLAS සම්මාන උළෙල නොනැවතී කටයුතු කරයි. එමෙන්ම CICT හට මෙම නව වැනි ජයග්‍රහණය නිරූපණය කරන්නේ, හුදු ස්ථාවරත්වය පමණක් නොව, කලාපයේ පර්යන්ත මෙහෙයුම් සඳහා මිනුම් දණ්ඩ ඉහළ නැංවීම වෙනුවෙන් ඔවුනට ඇති වගකීමයි.”



අදහස් (0)

CICT TEU මිලියන 4ට අඩු ආසියාවේ හොඳම බහාලු‍ම් පර්යන්තය ලෙස නව වැනි වරටත් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31191 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13351 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10967 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 68 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 900 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 270 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site