- වර්ධන වේගය පහත වැටීම ආයෝජනවලටබලපානු ඇති බවට අදහසක්
- ශ්‍රී ලංකා රජයේ ආදායම් රැස් කිරීම තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක වනු ඇතැයි පවසයි
- ජනවාරි සිට ලොව ආර්ථික අතරින් තුනෙන් දෙකකම වර්ධන පුරෝකථන පහළ වැටිලා
2026 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.6ක අගයක් ගනු ඇතැයි පුරෝකථනය කරන බව ලෝක බැංකුව යළි පවසයි. ලෝක බැංකු සමුහය විසින් 2026 ජූනි මාසය සඳහා සකස් කළ ගෝලීය ආර්ථික අනාගත වාර්තාව නිකුත් කරමින් මෙම කරුණු සඳහන් කරයි. පසුගිය අප්‍රේල් මාසයේදීද ලෝක බැංකුව එම අගයම ප්‍රකාශ කර තිබුණි.
එසේම 2027 දී මෙම ආර්ථික වර්ධන වේගය සියයට 3.8 ක අගයක් ගනු ඇති බවත් 2028 දී එය සියයට 3.9ක් වනු ඇති බවත් ඔවුන් මෙම අලුත්ම වාර්තාවේ සඳහන් කරයි. ලෝක බැංකුවට අනුව 2024 සහ 2025 වසරවලදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.0ක් බැගින් වූ අගයක් ගෙන තිබුණි.
විශේෂයෙන්ම පසුගිය ජනවාරි මාසයේ සිට ලොව ආර්ථික අතරින් තුනෙන් දෙකකම වර්ධන පුරෝථන පහළ වැටී තිබෙන බවත්, එහිදී සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකවලට ඉන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන බවත් ලෝක බැංකු සමූහය සඳහන් කරයි.
මූලිකවම මැදපෙරදිග ගැටුම් නිසා ඇති වූ ඉන්ධන හිඟතාව මෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනවල හිඟතාවත් සමගින් බලශක්තියේ සහ ආහාර මිල ඉහළ යාම මෙම ආර්ථික වර්ධන වේගය අඩුවීම සඳහා හේතුව වී තිබෙන බව පැවසෙයි.
කෙසේ වෙතත් මෙලෙස 2026 වසර සඳහා වන මෙම ආර්ථික වර්ධන වේගයේ පුරෝකථනය පහත වැටීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන අවිනිශ්චිතතාව සහ ඉහළ නිෂ්පාදන පිරිවැය පෙන්නුම් කරන බවත්, එය ආයෝජන වෙත බලපාන බවත් ලෝක බැංකුව සඳහන් කරයි.
මීට අමතරව ශ්‍රී ලංකා රජයේ ආදායම් රැස් කිරීම තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක වනු ඇතැයි පෙන්වා දෙන ලෝක බැංකුව, ඉදිරියටත් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයිද සඳහන් කරයි.
මේ අතර ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පසුගියදා නිකුත් කළ දත්ත අනුව 2026 පළමු කාර්තුවේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 5.1 ක අගයක් ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd