IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


2025 Nestleé Golden Chefs’ Hat තරගාවලියේදී ලංකාවේ විශිෂ්ට සූප ශාස්ත්‍ර හැකියාව ප්‍රදර්ශනය කරයි

ලංකා සූපවේදීන්ගේ සංසදය සමග එක් වෙමින් Nestleé Professional Sri Lanka  විසින් Nestleé Golden Chefs’ Hat තරඟාවලිය පසුගියදා සාර්ථකව පවත්වන ලදී. මෙරට හෝටල් ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාව තව දුරටත් ඉහළ නැංවීම එම තරගාවලියේ අරමුණ විය.

එසේම මෙහිදී Nestleé Professional Sri Lanka, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය හා ලංකා සූපවේදීන්ගේ සංසදය සමඟ එක්ව ප්‍රථම වරට Junior Nestleé Golden Chefs’ Hat  තරගාවලියද පැවැත්වීමට කටයුතු කරන ලදී. ඒ තුළින් හෝටල් කර්මාන්තයේ සූප ශාස්ත්‍රය පිළිබඳ ඉගෙන ගන්නා සිසු සිසුවියන්ට ඔවුන්ගේ දක්ෂතා සහ හැකියාව ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් ලබා දෙමින් හෙට දවසේ සූප ශාස්ත්‍ර විශිෂ්ටයන්ගේ හැකියාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු විය.

ඒ යටතේ දිවයින පුරා පළාත් 9 ම ආවරණය කරමින් පැවති කලාපීය තරඟ වටවලින් වෘත්තීය කාණ්ඩයේ හා අලු‍තින් හඳුන්වා දුන් කණිෂ්ඨ කාණ්ඩයේ අවසන් තරගකරුවන් 18 දෙනකු තෝරා ගනු ලැබීය. සූප ශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනයේදී පැවති අවසන් තරගයට සහභාගී වූ ඔවුහු එහිදී සිය විශිෂ්ට හැකියාව ප්‍රදර්ශනය කිරීමට සමත් වූහ.

මෙම තරඟාවලියෙදී ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට පසුගිය ජූනි 15 දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති සුවිශේෂී උත්සවයකදී සම්මාන පිරිනැමීම සිදු වූ අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විස්ටර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt  මහත්මිය එක් වූවාය. ඊට අමතරව Nestleé S.A හි Nestlé Professional  වෘත්තීය උපාය මාර්ගික ව්‍යාපාර ඒකක ප්‍රධානී Reinhold Jakobi ආසියා, ඕෂනියා හා අප්‍රිකානු කලාපයේ නෙස්ලේ Nestleé Professional  කලාපීය ව්‍යාපාර ප්‍රධානී Jeroen Pluijmers”‍ නෙස්ලේ දකුණු ආසියානු කලාපීය Nestlé Professional  අධ්‍යක්ෂ Saurabh Makhija, ලංකා සූපවේදීන්ගේ සංසදයේ සභාපති සූපවේදී ජෙරාඞ් මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංමයේ සභාපති පැට්‍රික් පෙරේරා යන මහත්වරුද එම අවස්ථාවට එක් වූහ. 

මෙම අවස්ථාවට එක් වෙමින් නෙස්ලේ ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා මෙසේ සඳහන් කර සිටියේය. “ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර මට්ටමේ සිට වර්ධනීය තත්වයක් දක්වා දියුණු කිරීමේදී හෝටල් කර්මාන්තයෙන් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා. මෙම නෙස්ලේ Golden Chefs’ Hat  තරගාවලියෙන් එම කර්මාන්තය නඟා සිටුවීම සඳහා සුවිසල් කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම නෙස්ලේ ලංකා ආයතනය ලද ගෞරවයක් කොට සලකනවා. එසේම මේ තුළින් තරුණයන්ට ඔවුන්ගේ හැකියාව සපිරි ක්ෂේත්‍රවල විශිෂ්ටයන් බවට පත්වීම සහ ප්‍රජාව වෙත දායකත්වය ලබා දීම ශක්තිමත් කිරීම මෙන්ම කුසලතා ඉහළ නැංවීම සඳහා වන ද අපගේ Nestleé Needs YOUth  වැඩසටහනද මනාව ප්‍රදර්ශනය කරනවා.”

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විස්ටර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt  මහත්මිය මෙසේ පැවසුවාය. “සූප ශාස්ත්‍ර හැකියාව ප්‍රවර්ධනය කිරීමේ මෙම සුවිශේෂී වැඩසටහන සම්බන්ධයෙන් Nestleé Professional”‍ ලංකා සූපවේදීන්ගේ සංසදය හා ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය වෙත මගේ සුභ පැතුම් එක්කර සිටිනවා. සංචාරක ව්‍යාපාරය හා හෝටල් කර්මාන්තය ශ්‍රී ලංකාවට මෙන්ම ස්විස්ටර්ලන්තයටත් ඉතාමත් වැදගත් වනවා. එහෙයින් ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය නඟා සිටුවීම සඳහා Nestleé Professional  දක්වන දායකත්වය පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වනවා .” 

නෙස්ලේ  Golden Chefs’ Hat  තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් Nestleé S.A  හි Nestleé Professional  වෘත්තීය උපාය මාර්ගික ව්‍යාපාර ඒකක ප්‍රධානී  Reinhold Jakobi  මහතා මෙසේ පැවසීය. “මෙම ගෝලීය සැමරුමෙහි 60 වන සංවත්සරය සමරන මේ මොහොතේ 2025 නෙස්ලේ Golden Chefs’ Hat  තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය හෝටල් කර්මාන්තය විඳගැනීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. හෝටල් කර්මාන්තයේ වර්ධනය, නවෝත්පාදනය හා දියුණු සඳහා සහාය වන අපගේ විවිධාකාර නිෂ්පාදන සමඟින් දශක ගණනාවක් තිස්සේ ‌පර්‌යේෂණ හා සංවර්ධනයෙන් නෙස්ලේ අත්කරගෙන ඇති දැනුම හෝටල් ක්ෂේත්‍රය වෙත බෙදා හැරීමට Nestleé Professional  තුළින් අපි බලාපොරොත්තු වනවා”.

Nestleé Professional Sri Lanka  හි සහකාර අධ්‍යක්ෂ මධුරංග පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය. “සෑම විටම මෙරට සූප ශාස්ත්‍ර සංවර්ධනයේ පෙරමුණ ගෙන කටයුතු කරන Nestleé Professional 2025 නෙස්ලේ Golden Chefs’ Hat  තරගාවලිය සහ නෙස්ලේ Golden Chefs’ Hat Junior    තරගාවලය සදහා සත්කාරකත්වය සැපයීමට ලංකා සූපවේදීන්ගේ සංසදය හා ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ එක්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. මෙම සහයෝගීතාවෙන් ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර කර්මාන්තය නඟා සිටුවීම සඳහා මෙන්ම අනාගත සූපවේදීන්ට සහයෝගය ලබා දීම සඳහා වන අපගේ අඛණ්ඩ කැපවීමයි.”



අදහස් (0)

2025 Nestleé Golden Chefs’ Hat තරගාවලියේදී ලංකාවේ විශිෂ්ට සූප ශාස්ත්‍ර හැකියාව ප්‍රදර්ශනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 161 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 650 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1054 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site