IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රන් සම්මානයක්

(ටී.කේ.ජී.කපිල )

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර සිදු කෙරෙන ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සකස් කළ වෙළෙඳ දැන්වීමකට කසකස්තානයේ ඇස්ටානා හි පැවති පාටා (PATA) සම්මාන උළෙලේ දී රන් සම්මානයක් හිමි වී තිබේ.

"එකම ජීවයෙන් යුතු දෙනුවරක් ගවේෂණය කරන්න" යන තේමාව යටතේ නිපදවා ඇති මෙම වෙළෙඳ දැන්වීම තුළින් දෙරට අතර ඇති ආවේණික සමානකම් මෙන්ම, ක්‍රිකට්, ආහාර පාන, කලාව, රළ මත ලිස්සා යාම, වනජීවී සුන්දරත්වය ආදිය මෙම දැන්වීම තුළින් දෘෂ්‍ය මාධ්‍යයෙන් පිළිඹිබු කරයි.

2017 වසරේ දී ආරම්භ කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් - ශ්‍රී ලංකා ගුවන් ගමන් වානිජමය වශයෙන් සාර්ථක වී ඇති අතර , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ සදහා වඩාත් වැඩි සුවපහසුවක් ලබා දෙන ඒ.- 330 එයා බස් වර්ගයේ ගුවන් යානා යොදවා ඇති අතර , ඒ යානා තුළ ඇති අභ්‍යන්තර විනෝදාත්මක පද්ධති මෙන්ම සම්මානලාභී ගුවන් මැදිරි කාර්යය මණ්ඩලය ගුවන් මගීන්ට අවශ්‍ය සේවා මනා ලෙස සපුරාලීම සිදු කරයි.

කසකස්තානයේ පැවති මෙම පාටා සම්මාන උත්සවයට ලොව පුරා සංවිධාන 78 කින් මෙසේ ආකර්ශනීය ප්‍රවේශයන් 197ක් ඉදිරිපත් කර තිබුණි.

මෙම වෙළෙඳ දැන්වීමට ජර්මනියේ, බර්ලින් නුවර පැවති 2018 ලොව විශාලතම වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනයේ දී පළමු පන්තියේ තරු සම්මානයක්ද හිමි වී තිබේ.

 


වමේ සිට
මැකාවෝ රාජ්‍යයේ සංචාරක කාර්යාලයේ අධ්‍යක්ෂ මාරියා හෙලේනා ද සේනා ෆර්නැන්ඩස්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිර්මාණාත්මක කළමනාකරු දිමුතු රණසිංහ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු සමින්ද පෙරේරා, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රවර්ධන කළමනාකරු ගයාන් පීරිස් සහ පාටා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මාරියෝ හාඩි යන මහත්ම මහත්මීහු මෙහි වෙති .



අදහස් (2)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රන් සම්මානයක්

DD Saturday, 28 September 2019 06:06 PM

ඕස්ට්‍රේලියා වල ඉන්න අය නේද වැඩිපුරම ඔකේ යන්නේ. ඒ උනාට: 1. මෙල්බෙර්න් නුවරින් කවුරුත් නෑ. 2. මේක මෙල්බෙර්න් වල තිබිය යුත්තක්. 3. මෙල්බෙර්න් ගවිලවත් නෑ. ගඟෙන් වතුර බී ....... 4. ඔහොම බෑ ව්‍යාපාර වැඩි කර ගන්න 5. ඒ අතරේ සිංගප්පූරු ගුවන් යානා ලාබෙට ටිකට් දෙනවා

:       0       0

Nanda Monday, 30 September 2019 08:43 AM

කවුරු මේවා දෙනවද මන්දා... මේ අය මැදපෙරදිග යන අයට සලකන විදිය දැක්කාම...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site