IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඩයලොග් Star Points හරහා රුපියල් මිලියන 27 ක් Little Hearts වෙත

ඩයලොග් පාරිභෝගිකයන් 450,000 කට අධික සංඛ්‍යාවක්, ශ්‍රී ලංකාවේ වෙසෙන හදවත් රෝග ඇතුළු රෝගී තත්වයන්ගෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් සැකසූ, "Little Hearts"  ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 27කට අධික Star Points පරිත්‍යාග කර තිබේ. 2016 වසරේ සිට මේ දක්වා Little Hearts වෙනුවෙන් පරිත්‍යාග කර ඇති Star Points  ප්‍රමාණය රු. මිලියන 122 ඉක්මවයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන "Little Hearts"  ව්‍යාපෘතිය තුළින් හදවත් රෝග ඇතුළු දරුණු රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ, මහල් 12 කින් සමන්විත හෘද සහ දැඩි සත්කාර ඒකකයක්  සංවර්ධනය වෙනුවෙන් මෙම පරිත්‍යාගය යෙදවෙන අතර මෙම ගොඩනැගිල්ල හෘද සැත්කම් ශල්‍යාගාර 4 ක්, කැතීටකරණ විද්‍යාගාරයක්, 100 කට අධික හෘද රෝග සහ නව දරු උපත් දැඩිසත්කාර ඒකක, ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් සහ නවීනතම හෘද රෝග පරීක්ෂණ හා පුහුණු පහසුකම්වලින් සමන්විත වේ. මෙහි ඉදිකිරීම් සඳහා රු. බිලියන 4 කට අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම කාර්ය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා මෙසේ පවසා සිටියේය.“ඩයලොග් Star Points පාරිභෝගිකයන්ගේ පරිත්‍යාගශීලී බව සම්බන්ධයෙන් අපිට තිබෙන්නේ විශාල සතුටක්. මේ පරිත්‍යාගශීලී දායකත්වය හරහා බොහෝ ජීවිතවල වෙනසක් ඇති කරන්නට වගේම රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රය තුළ මහල් 12 කින් සමන්විත හෘද සහ දැඩි සත්කාර ඒකකය ගොඩනැගීමේ කටයුතු කඩිනම් කිරීමටත් හැකියාව ලැබෙනවා. හෘද රෝගවලින් පීඩා විඳිමින් ප්‍රතිකාර අවශ්‍ය රෝගී දරුවන්ගේ ජීවිතවල වෙනසක් ඇති කරන්න ප්‍රජාව විසින් පරිත්‍යාග කළ මෙම සුවිශාල Star Points මුල්‍ය පරිත්‍යාගය, ප්‍රජාවකගේ සාමූහික එකමුතුවේ බලය පෙන්වීමට හොඳම සාක්ෂියක්. ලංකාවේ දරු දැරියන්ට ඉහළ සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ සාමූහික ප්‍රයත්නය වෙනුවෙන් Star Points හරහා පරිත්‍යාගයෙන් දායක වූ අපගේ සියලුම පාරිභෝගිකයන්ට මගේ කෘතඥතාවය පළ කරනවා.”

595



අදහස් (1)

ඩයලොග් Star Points හරහා රුපියල් මිලියන 27 ක් Little Hearts වෙත

RPGD.Herath Friday, 28 April 2023 02:06 PM

මගේ star point අගයන් කරුනාකර රිජ්වේ ආර්යා ළමාරෝහලට පරිත්‍යාග කරන්න..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1711 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site