
හමීඩියා ආයතනය, පාරිභෝගිකයන් හට නව සුපිරි වෙළඳසැල් අත්දැකීමක් ලබා දෙමින් සිය දෙවන ග්‍රීන් මාට් වෙළෙඳසැල අංක 271, ගාලු පාර, රත්මලාන යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදී.
මෙම විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයන් ලෙසින් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ් ආයතනයෙ හි සභාපති ෆව්මි ජිස්ටි සහ ශ්‍රී ලංකාවේ පදක්කම්ලාභී පිහිනුම් ශූර ජුලියන් බෝලින් සහභාගි වූ අතර හමීඩියා ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ්, ප්‍රධාන විධායක නිලධාරි නිරෝෂන් ද සිල්වා සහ සභාපති රිස්වි සහීඩ් ඇතුළු හමීඩියා කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද සහභාගි වූහ.
හමීඩියා ආයතනය විසින් පසුගිය වසරේ රත්මලාන ප්‍රදේශයේ සිය ප්‍රථම ග්‍රීන් මාට් සුපිරි වෙළෙඳසැල ආරම්භ කරන ලද අතර රත්මලාන සහ ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ආහාර පාන වර්ග රාශියක් පහසුවෙන් ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවිය. රත්මලාන සහ අවට ප්‍රදේශවාසීන්ට කාර්යක්ෂම ලෙස පහසු මිල ගණන් යටතේ ආහාරපානාදිය ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙය හමීඩියා සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාර ඒකකය වන My Friend පදනමේ සමාජ වගකීම් පොරොන්දුව යටතේ සිදුකරන ලද මුලපිරීමකි.
වෙළඳ සැලේ සිට කිලෝමීටර් තුනක් ඇතුළත පදිංචි පාරිභෝගිකයන්ට දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇණවුම් කර නොමිලේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.
595




COMMENTS
Great hameedias group.you are the real friend group in srilanka. all the very best,