IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සිංගර් වෙතින් පාසල් සහ කාර්යාලවලට Smartboards

පාසල් සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම්  සහ ආයතන තුළ කාර්යාල කටයුතු වැඩිදියුණු කිරීම සඳහා නවතම මාදිලියේ Smartboard මාලාවක් සිංගර් විසින් පසුගියදා එළිදක්වන ලදී. එය පරිගණකයක්, ප්‍රොජෙක්ටරයක් හෝ ඉලෙක්ට්‍රොනික වයිට්බෝඩ් එකක් ලෙස භාවිත කළ හැකි අතර ගුරුවරුන්ට සහ සිසුන්ට ඉගැන්වීම සහ ඉගෙනීම තවත් පහසු කරන බව එම සමාගම පවසයි.

 Smartboard අධ්‍යාපනික සහ කාර්යාලයීය අරමුණු සඳහා විවිධ විකල්ප සමඟින් වෙළෙඳපොළට හඳුන්වා දෙයි. Presentations, ලේඛන, වීඩියෝ, සංගීතය සහ තවත් බොහෝ දේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව මෙයට ඇතුළත් වේ. එහි අභ්‍යන්තර මතකය ලේඛන, පාඩම් සැලසුම් සහ තවත් බොහෝ දේ සඳහා ගබඩාවක් ලෙස  භාවිත කළ හැකි බැවින් ඉගැන්වීම සහ කාර්යාල කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කළ හැක. මෙම සුවිශේෂී විශේෂාංග හේතුවෙන් Smartboard පන්ති කාමර සහ කාර්යාලයීය ශාලා සඳහා කදිම උපාංගයක් බවට පත් වේ.

 සිංගර් (ශ්‍රී ලංකා) හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා අලු‍තින් හඳුන්වා දුන් Smartboard පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“නැවත වරක් ලොව ප්‍රමුඛතම Smartboard තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම නව ඩිජිටල් යුගයේදී  ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙම Smartboard තාක්ෂණය හරහා අපට හැකියාව ලැබෙනවා.”

මෙම Smartboard  විවිධ ප්‍රමාණ 4කින්, එනම්  55”, 65”, 75” සහ 85” වලින් ලබාගත හැකි අතර, Android සහ Windows 10 මෙහෙයුම් පද්ධති සමඟින් ලබාගත හැකිය.

595



අදහස් (0)

සිංගර් වෙතින් පාසල් සහ කාර්යාලවලට Smartboards

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site