( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යුරෝ මිලියන 3.5ක් ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශය කියා සිටී.
ඊට අදාළ යෝජනා කඩිනමින් තම සංගමය වෙත ලබා දෙන්නැයි යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi) මහතා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියේය.
යුරෝපා සංගම් තානාපතිවරයා හා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පෙරේදා (19) පැවති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම කෙරුණු බවද එම අමාත්‍යාංශය කියා සිටී.
යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී අමාත්‍යවරයා හමුවේ කියා සිටයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවත් ,කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට රජය ගෙනයන වැඩපිළිවෙලට සහාය පළ කිරීමක් ලෙස මෙම මුදල ලබා දිමට තීරනය කළ බවය.
මෙම ප්‍රදානය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සිය ස්තූතිය පළ කරන බව සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යුරෝපා සංගම් තානාපතිවරයාට පැවසීය .
මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා වත්මන් රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බවද අමාත්‍යවරයා යුරෝපා සංගම් තානාපතිවරයාට පෙන්වා දුන්නේය.
සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම හා එමගින් සිදුකරන විදේශ විනිමය උත්පාදනය ඉහළ නැංවීමත් තුළින් 2025 වන විට මෙරටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් ගණන මිලියන 07 දක්වා ඉහළ නැංවීමටත් ඒ තුළින් වසරකට ඇ.ඩො. බිලියන 10 ක විදේශ විනිමය උත්පාදනය කිරීමත් අපේක්ෂාව බව ද අමත්‍යවරයා කීය
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ ම සංචාරක කර්මාන්තය බිද වැටී ඇතත් අපේක්ෂිත ඉලක්කය සපුරාලීමට හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
යුරෝපා සංගම් තානාපතිවරයා පෙන්වා දුන් පරිදි අදාළ යෝජනා කඩිනමින් යුරෝපා සංගමයට ලබා දෙන්නැ‘යි ද අමාත්‍යවරයා මෙහිදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් ලබා දුන්නේය.
සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මේ වසරේ මාර්තු මාසයේ 19 වන දින ශ්‍රී ලංකාවට මගී ගුවන් යානා පැමිණිම අත්හිටුවන විට එම මාසය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 71,370 කි. ඉන් 60% ක්ම පැමිණ ඇත්තේ යුරෝපා රට වලිනි. යුරෝපා රටවලින් මාර්තු මාසයේ දි මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 42,084 ක් වේ.
සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, එහි අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මීහුද යුරෝපා සංගම් තානාපතිවරයා සමග පැවති සාකච්ඡාවට සහභාගී වූහ.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සංචාරක කර්මාන්තයට යූරෝ මිලියන 3.5 ක ප්‍රදානයක්
Prabha Wednesday, 20 May 2020 12:27 PM
දැන් කට්ටිය රෑ දවල් නැතිව කල්පනා කරනවා ඇති කට්ටිය සාක්කුවේ දාගන්න විදිහ...
අතුල Wednesday, 20 May 2020 01:50 PM
ඔය ආධාර භාරගැනීම, පරිහරනය කිරීම, අවශ්‍ය ආයතන සහ පුද්ගලයන් වෙත ලබාදීම සඳහා බැසිල් මහතා පත්කිරීම සුදුසු යැයි යෝජනා කරමි.
ගමේ එකා Wednesday, 20 May 2020 03:48 PM
සුනාමි ආධාර වලට වෙච්ච් හරිය මතක් වෙනවා. දැන් ඉන්න ඇමතිගේ පැටිකිරිය ගැනත් අපි නොදන්නවා නෙවෙයි. පවුලේ ඔක්කොම ගොඩ ගියේ දේශපාලනෙන් හම්බ කරගෙන.
චමිල Wednesday, 20 May 2020 06:55 PM
අපේ රටට, වීරෝදාර හමුදාවට, අරියාදු කෙනෙහිලිකම් කලොත් ලොව ඕනෑම සංවිධානයකින් ශ්‍රී ලංකාව ඉවත් කරන්න තමා පසුබට නොවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග යුරෝපා රටවල් භීතියට පත්වී තිබේ.. ශ්‍රී ලංකාවට බියවූ යුරෝපය මේ මුදල් ප්‍රදානය කිරීමට තීරණය කරන ලදී.
lanka putr Thursday, 21 May 2020 02:31 AM
කෝ මේ දේශ්ප්‍රේමියෝ. කතා කළොත් අධිරාජ්‍යවාදී බලවේග පන්නමු.