(ටී.කේ.ජී.කපිල )
ගෝලීය භාණ්ඩ ප්‍රවාහනය බරපතල අනතුරකට පත් වී ඇති මොහොතක ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට නව පණක් ලබා දීමට මෙරට අපනයන කර්මාන්තය නගා සිටුවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතියකට ලොව පුරා ගමනාන්ත 27 ක් වෙත සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කිරීමට තීරණය කර තිබේ
එළඹෙන මැයි 18 දින සිට දියත් කෙරෙන මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මගින් යුරෝපයේ ලන්ඩන් , ෆ්‍රෑන්ක්පර්ට් , චීනයේ බෙයිජිං , ෂැංහයි , ග්වැන්ෂෝ , කැන්ටන් , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් , සිංගප්පූරුව , ඈත පෙරදිග ජපානයේ ටෝකියෝ , නරීටා , මැදපෙරදිග දෝහා , ඩුබායි , දකුණු ආසියාවේ මාලදිවයින මාලේ , බංග්ලාදේශයේ ඩකා වැනි ගමනාන්ත කරා රැගෙන යාමට නියමිතය .
මේ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.- 320 සහ ඒ.- 330 එයා බස් වර්ගයේ නවතම ගුවන් යානා යෙදවීමට අපේක්ෂා කෙරේ .
මෙම කටයුතු පහසු කිරීම සඳහා විවිධ අමුද්‍රව්‍ය , අවදානම් භාණ්ඩ ,හුවමාරු භාණ්ඩ , තැපැල් , සජීවී භාණ්ඩ
ඇතුළු වෙනත් වටිනා ගුවන් භාණ්ඩ හැසිරවිය හැකි සහ ගබඩා කළ හැකි නවතම ගබඩා සංකීර්ණයක් ද කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටා තිබේ .
මෙම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය නිසා දේශීය අපනයනකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන නව සහ පවත්නා වෙළෙඳ පළ වෙත අඛණ්ඩව ඉදිරිපත් කිරීමට හැකි වන අතර අපනයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම ද කඩිනමින් සිදු කර ගැනීමට මග පැදී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම බීම ගෙනාවට තවත් රට ඉන්න අය ගේන්න එපා.
ඉතාමත් හොඳ තීරණයක්...දැනට කලාතුරකින් ක්‍රියාත්මක වන ගුවන් බඩු ප්‍රවාහන සේවාවල මිළ ඉතා අධික බැවින්, ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට තරඟකාරී අඩු මිල ගණන් යටතේ තම ව්‍යාපාර පාඩු නොවී පවත්වාගෙන යාම සඳහා මෙය මහත් අස්වැසිල්ලක් වේවි.
චීනේ යන්නේ අපනයනයටද ආනයනයටද ?