(කැළුම් බණ්ඩාර)
ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරමින් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව ඉන්දියාවේ මහාමාර්ග හා නාවික කටයුතු පිළිබඳ ඇමති ගද්කාරී මහතා ට්විටර් පණිවුඩයක් ඔස්සේ ප්‍රකාශ කරයි.
මේ වන විට අගමැතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වන අතර වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා පැවැත්වීය.
“ ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව නවදිල්ලියේදී හමුවී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මාර්ගය ගැන සාකච්ඡා කළා“යැයි ගද්කාරි මහතාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.
මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැනගන්නට නොමැත.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් ‘හනුමන් පාලම‘ නම් පාලමක් ඉදිකිරීම ගැන මීට පෙර කතාබහක් තිබිණි.
(ඩේලිමිරර් ඇසුරෙනි-042)
COMMENTS
අවුරුදු ගානක් ඉන්දියාව ඕකට දත කෑවේ ඔවුන්ගේ රටේ ඉන්න නන්නත්තාර ඉන්දියානුවන් මෙහෙටත් එවන්න තමයි. ඒත් කිසිදු බුද්ධිමත් රජයක් ඊට එකඟ උනේ නැහැ. රට අරාජික වීමට සහ රටේ ජනසංයුතිය අස්ථාවර වීමටත් රටේ පරිසරය විනාශ වීමටත් මෙය අනිවාර්යෙන්ම හේතුවක් වෙනවා.
අඩු වෙලා තිබුනේ ඕක තමා. දැන් තමිල්නාඩුවේ අයට ලංකාවේ අයිතිය කියන්න ලෙහෙසි කරලා දෙන්න යන්නේ!!
තමිල්නාඩුව සමග සම්බන්දයක් අපට අවශ්‍ය නෑ.
එච්චරයි අඩු..
ලංකාව වගේ 60 ගුණයක් ලොකු, ලෝක ජනගහනයෙන් දෙවැනි වූ ඉන්දියාව සමග පාලමක් දැමීමේ යටි අරමුණ තමිල්නාඩුව සහ උතුර සම්බන්දකර බහුතර සිංහල ජාතිය සුළුතරයක් කිරීම මිස වෙන දෙයක් නොවේ. මෙයින් අපට වෙන සෙතක් නැත. රනිල්ට මෙහෙම කිරීමට ජනතාව බලය දුන්නේ නැත.
අපිට එපා
වැසිකිළි බටයක් ගේ ඇතුළට හරවා ගත්තා වාගේ වැඩක් නොවැ...
මේක නම් හොද වැඩක් නොවේ..නුගත් අය රට පාලනය කරන කොට රටට ජාතියට කෙල වෙනවා..මේක පිළිකාවක්..
ඉන්දියාවට සල්ලි වැඩි වෙලා නම් අර ඉන්දියාවේ ලොකු නගරවල කෑම බිම සහ වැසිකිලි පහසුකම් නොමැතිව පාරේ දිවි ගෙවන මිනිස්සුන්ට කෑම ටිකක් , පිරිසිඳු වතුර ටිකක වැසිකිලි ටිකක් දෙන්න , ඕක හැදුවොත් ඉන්දියාවේ කන්න නැතුව ඉන්න හිඟන්නෝ ටික ඉස්සෙලම මෙහෙ ඒවි , කුඩු සහ වෙනත් ජාවාරම් කාරයෝත් ඒවි , මේ තියෙන විදිය හරිම හොඳය
ඉතා හොඳ ආරංචියක්. දෙරට අතර සබඳතා වැඩිවී ආර්ථික වාසි ලබාගත හැකිවේවි.
ඉතාමත් ලස්සනට හිටීවි. අතීතයේ කල්ලතෝනි උවදුර ,හොරබඩු ජාවාරම, කොටින් ඉන්දියාවට ගොස් යුධ පුහුණු වූ හැටි නොදන්නා හෝ නොතකන අමන ද්‍රෝහියන්ට නම් මෙය මහා ලොකු වැඩක් විය හැක.
ලංකාවට නැති ප්‍රශ්නයක් ඕක. නිකම්ම තමිල්නාඩුවක් වෙයි.
ඉන්දියාවේ සියලු මහා දෝෂ රටට ගේන්න හදන්නේ. ගිය රජයෙනුත් ඔය මැටි වැඩේ කරන්න හැදුව. දැන්ම අකුලා ගත්තොත් හරි.
අපිට බස් එකේම දඹදිව වඳින්න යන්න පුළුවනි? සාදු! සාදු! සාදු!
එහෙම දෙයක් උනොත් කියන්න තියෙන්නේ,"අහක ඉන්න නයි රෙද්ද අස්සේ ගෙන කනෝ කනෝ"කියලයි.
ඕකට වැඩියෙන්ම විරුද්ද වෙන්නේ වන්දනාවේ යන ඒවා සංවිදානය කරන එජන්තකාරයෝ . මොකද ඔය ගුවන් ටිකට් එකට ගණන අඩුවෙලා දුම්රියේ නිදාගෙන යන ගාන එකතුවුණාම වැඩිම වුනොත් රුපියල් පනස්දාහක් විතර වෙයි.
ගාල කඩාගෙන වගේ ඉන්දියාවෙන් කට්ටිය ලංකාවට එයි වගේ මේ වැඩෙන්!
මෙය ඉතාම අනුවන ක්‍රියාවක්. අවුරුදු දහස් ගණනක් ලංකාව එහි අනන්‍යතාව පවත්වාගත්තේ දිවයිනක් වශයෙන් පැවතීමෙන්. ඉන්දියාවට ආසන්න රටවල් ඉන්දීය භාෂා කතා කරමින්, ඉන්දීය සංස්කෘතික ලක්ෂණ ඉතා වේගයෙන් වැළඳ ගත්තත් ඉන්දියාවට කවදාවත්ම ලංකාව සම්පුර්ණයෙන් යටත් කරගන්න බැරි වුනේ ලංකාවේ භුගෝලිය පිහිටීම නිසා. ස්වභාව ධර්මයෙන් ලද දේ වෙනස් කිරීමේදී එක වරක් නොව සිය දහස් වරක් සිටා බැලිය යුතුයි.
මේක අපේම කරුමයක්. අපේ රජ දරුවන් දුක් විදලා බේරලා දුන්න මේ රට නැති බංග කරලා තමා ගෙදර යන්නේ...
පාලමේ හොඳ නරක කෙසේ වෙතත් මෙහි අදහස් දාල තිබෙන අය දේශ සීමාවක් හරහා රටකින් රටකට නොගිය අය බව නම් පැහැදිලිය.
කල්කටාව මෙහාටත් දික් කරන්න හදන්නේ. ඉන්දියාව තමා ලෝකේ තියන ලොකුම වැසිකිලිය කියල ඉන්දියානු දේශ පාලකයෙක් කියල තිබුණා...
මෙතන අදහස් ලියන අය බොහෝ දෙනෙක් ලෝකය බොහෝ දියුණුයි කියා නොදැන සිටීම කණගාටුයි. දෙරට අතර මාර්ගයක් ඉදිවූ පලියට වෙනත් අයෙකුට බස් එකේ නැගල කොළඹ එනවා වගේ එන්න බැරි බව ඔවුන් දන්නේ නැද්ද? ඒ සඳහා දෙපැත්තටම ගමන් බලපත්‍ර වීසා සියලු දේ අවශ්‍යයි. මේ වගේ මාර්ග ඕන තරම් ලෝකයේ රටවල් අතර තිබෙනවා. කල්ලතෝනි හෝ කොටි හිතවාදීන්ට මාර්ගයෙන්ම පැමිණීමට අවශ්‍ය නෑ. ගුවනින් පැමිණීම එවැනි අයට ලොකු දෙයක් නොවේ. මෙයින් වාසි ලැබෙන්නේ සාමාන්‍ය අයටයි.
මෙය නොකළ යුතු කර්තව්‍යයකි. මේ සඳහා ජනමත විචාරණයක් පවත්වමු...
ඔබට සතුටුයිද දැන් ?
සිංහලයනි නිදා හිටියා හොඳටම ඇති. රට බේර ගන්න පෙරට එන්න. තමන්ට රකින්නට දරුවන් ඉන්න උදවියට රට, ජාතිය, ආගම විනාස කරන්නන් හට පාඩමක් කියා දීමට මේ හොඳම කාලය බව නොහැඟේද? පෙරට එන්න. පෙරට එන්න.
මේ වගේ රට ගැන නොසිතන අය ඉන්දියාවට ඔක්කොම දීල දැම්මම හරිද? මේ පැත්තෙන් මුස්ලිම් මිනිස්සු අල්ලනවා. උඩින් දෙමළ මිනිස්සු එන්න යන්නේ. ඒ ඔක්කොටම ගොට්ට අල්ලන්නේ ජනාධිපති, අගමැති....
අපේ රට විනාශයකට ඇතුළු වෙනවා ..
රට ජාතිය ගැන කැක්කුමක් මේ ගොල්ලන්ට නැහැ . මුහුදේ මාළු ටික බලෙන් හොරෙන් කඩා වඩා ගන්නවා. පාරක් දමපුවාම මේක ඉන්දියන් කොලනියක් කර ගනීවි.
ඉල්ලං කන්න හදන්නෙ මෙයා
ආ එහෙමද ආස? මාර වැඩක් නේ...
වන්දනාවේ යන හාමුදුරුවන්ට සහ උපසකම්මලට අල්ලාගෙන ගහන , අපේ මහකොමසාරිස් කාර්යාලයට ගල් ගහන , අපේ මුහුදේ මලු ටිකත් බලෙන් ඇවිත් අල්ලාගෙන යන මිනිස්සු ඉන්න තමිල්නාඩුවට පාලමක් දමන්න කතාකරන්නේ අගමැතිගේ මොලය විකල් වෙලා එහෙම නැත්නම් ලෝකේ වැඩිම කාලයක් විපක්ෂ නායකයා වෙලා ලෝක වාර්තාවක් තබන්න එතුමාට හිතිලද ?
එපෝ එපෝ අපට එපෝ... ඔය මාර්ගයකින් අපිව ඉන්දියාවත් එක්ක සම්බන්ධ කලොත් අපට වන යහපතක් නැහැ. යහපත වන්නේ දැඩි ප්‍රශ්න වලට මුහුණ දී සිටින ඉන්දියානුවන්ටමයි. මෝදී නිකම්ම නිකන් ඔහේ අපි ගැන ඇතිවූ අනුකම්පාවට සල්ලි තියාගන්න තැනක් නැතිව අපිට ආදරේට පාරවල් දාල දෙන්න යනවා. අපේ රටේ ඇති කම්කරු රැකියා සදහා ඇති ඉල්ලුම විවිධ සමාගම් වලින් ඇත නිසාත් පාරවල් දමල ඉන්දීය වැසියන් මෙහි එවන්න හදනවා. ගුවන්තොටුපලින් දැනට පැමිණෙන ඉන්දීය ශ්‍රමිකයන් දැනටම හොදටම ඇති. දැන් දැන් එම සීමාවත් ඉක්මවා ගොසින්....
පිස්සු නම් කෙලින්න එපා...
උදේ වැඩට ඇවිත් හවසට ගෙදර යන්න වෙන්න ඇති ! කාල වරෙල්ලකෝ
එච්චරයි මේ අයට අඩුවෙලා තියෙන්නේ.
එහෙම උනොත් ඉතින් ලංකාව ඉන්දියාවේ කොලනියක් වෙන එක කාටවත් නවත්තන්ට පුලුවන්වෙන එක්කක් නෑ
අල්ලපු රටෙන් මෙහෙ වැඩට එන එවුන්ට කාමරයකවත් කුලියට දීල ගානක් හොයාගන්න වත් අපේ මිනිස්සුන්ට බැරි වෙනවා. එහෙ පාලම පටන් ගන්න තැනම කාමර ගහයි. ඇමෙරිකාවෙත් ඔයගොල්ලෝ තොරතුරු තාක්ෂණ සමාගම් ඇරලා ගාන හොයා ගන්නවා මදිවට එහෙන් සේවකයෝ ගෙනල්ල නියම පඩිය ගෙවන බව පෙන්නන්න ඒ සේවකයින්ට නියම ඇමෙරිකන් පඩිය දීල ඒ රටෙන් අපහු ගෙවන්න කියනවාලු. ඉදිරියට රස්සාව ධිර්ග නොකරාවි කියල බයට ඒ සේවකයින් වැටුපෙන් භාගයක් විතර තමන්ගේ රටේදී සමාගමට ආපසු ගෙවනවාලු. වසානයේ ඇත්තටම ඒ සේවකයන්ට ගෙවල තියෙන්නේ ඉන්දියාවේ ගෙවන වැටුපට කිට්ටු ගානක්ලු. එකෙන් අනිකුත් ඇමෙරිකානු සමාගම් වලට ඔවුන් හා තරඟකාරී මිලකට සේවාවන් සපයන්න බැරිවෙලා තියෙන නිසා තමයි ට්‍රම්ප් මහත්තය ඒ විදේශික සේවකයන්ට වට බඳින්න නියෝග කලා කියන්නේ. ඔය රටේ ජනගහන වර්ධනය සහ විරැකියාව අනුව ඒගොල්ල බලමින් ඉන්නේ කොහොමද තවත් රටක් ගිලගන්නේ කියල. ප්‍රවේසමෙන්, මහාචාර්ය උපාධියක් හරි නිකම් දීල කැමතිකරවගන්න බලයි.
කවුරු කොහොම මොනවා කිව්වත් තම ජිවිත පුදා හෝ මේක කරන්න කවදාවත් ලාංකික පොදු ජනතාව ඉඩ දෙන්නේ නැහැ .ජනතාව කෙරෙහි විශ්වාසය තබන්න .
මේ රට රනිල්ට අයත් බුදලයක් නොවේ. මෙවැනි තීරණ ගැනීමට පෙර ජනමත විචාරණයක් පවත්වන්න. ඉන්දියාව යා කලොත්, මිනිස්සු ඔක්කොම පාරට බහින බව අනිවාර්යයි.
මේ අදහස හොදයි ජපානය වගේ වැදගත් රටක් තිබුනානම් ....මේ රට අපේ රත්තරන් මවු බිමට යා කලොත් අපේ රටත් කුණු ගද ගහන රටක් වේවි
මේ වැඩේ හරියට පාරේ තිබෙණ කුණු කාණුවක් ගේ ඇතුළට හරවා ගත්ත වගේ තිබේවි!!! තමිල්නාඩුවේ ඉන්න හිඟන්නෝ විතරක් නොවේ. ඔය පාරදිගේ ඇෆ්ගනිස්තානේ, පාකිස්තානේ ඉන්න හොඳ නරක සේරම ඒවි.... !! වැරදිලාවත් අපේ හාමුදුරුනමක්, වයසක් උපාසක අම්ම කෙනෙක් වන්දනාවේ යන්න තමිල්නාඩුව පැත්තට ගියොත් අපිට අල්ලාගෙන ගහවි!!! මේ මිනිහගේ මොලේ නරක්වෙලාද? කරුණාකර මේ ගැන ජනමත විචාරණයක් තියන්න...
දන්නා කලේ ඉඳලා මේක දුපතක් විදිහට තිබුනේ... තව දුරටත් එසේම තියන්න. දුපතක් වෙලා තිබිලත් හිටපු කොටි විසින් ගෙනාපු ආයුධ තොගය නැවත සිහිපත් කරගන්න. සංවර්ධනය කරනවා කියල මේවගේ සංවර්ධන වැඩ කරන්න එපා...
අනේ අපේ රටට මේ විපත නොසිදුවේවා ! ඉන්දියාවේ මායම්වලට අපේ රට හසුනොවේවා!!!
අපට එපා ...... දැන් චීනෙට දීල වෙනදේවල් මදිවට ....