ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් විස්සයි- විස්ස කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වී ඇති ලංසුවල වටිනාකම ඩොලර් තුන්කෝටිය (රුපියල් කෝටි 375ක්) ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි. එක් කණ්ඩායමක් ඩොලර් හාර කෝටි තිස් ලක්‍ෂයකට  ආසන්න රුපියල් කෝටි 537.5කට අලෙවී ඇත. කී‍්‍රකයන් දහඅට දෙනෙකු ක් කණ්ඩායමකට ඇතුළත් වන අතර එයින් හය දෙනෙක් විදේශීය කී‍්‍රඩකයෝය. ශ්‍රී ලංකාව පකිස්ථානය, ඉන්දියාව, නවසීලනත්ය,  ඕස්ටේ‍්‍රලියාව, දකුනු අපි‍්‍රකාව හා බටහිර ඉන්දිය කොදෙව් දූපත් යට රටවලින් බදවා ගැනීමට නියමිතය. අගෝස්තු දහවැනිදා සිට දින විසි එකක් පුරා  කොළඹ හා මහනුවරදී පැවැත්වෙන මෙම තරගාවලියේ අරමුණ කි‍්‍රකට් පමණක් නොව  ශ්‍රී ලංකාවේ  සංචාරක ව්‍යාපාරය හා ආයෝජන අවස්ථා විදෙස් රටවල් අතර පිළිගැනීමකට ලක් කිරීම බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය කියයි.