IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විෂන් කෙයා හියරින් සොලියුෂන් වෙතින් පානදුර නගරයට අති නවීන ශ්‍රවණ සත්කාර ඒකකයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනයේ ශ්‍රවණ සත්කාර අංශය, විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් විසින්, පානදුර, ගාල්ල - කොළඹ පාරේ 233 හි පිහිටි විෂන් කෙයා ශාඛාවේ දෙවැනි මහලේ එහි නව ශ්‍රවණ සේවා අංශයක් පසුගියදා විවෘත කරන ලදී. මෙය දිවයින පුරා පිහිටි විශේෂිත ශ්‍රවණ සේවා මධ්‍යස්ථාන හයෙන් එකක් වන අතර, පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රවණ සත්කාර සේවා ලබා දීම අරමුණු කරගෙන නවීකරණය කර ඇත.

උගුර කන නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සෙල්වි වෙට්ටිවෙලු‍ මහත්මිය විසින් නව ශ්‍රවණ සත්කාර අංශය උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර ළදරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු‍ම වයස්වල පුද්ගලයන් සඳහා නිර්මාණය කර ඇති පරිපූර්ණ සේවා රැසක් මෙහිදි ලබා ගත හැකි වෙයි.

කථන ශ්‍රවණමිතිය (Speech audiometry), SISI, ToneDecay සහ ශ්‍රවණ ආබාධ හඳුනා ගැනීමට හැකි වන විශේෂ පරීක්ෂණ රාශියක් ඇතුළුව ශ්‍රවණ තක්සේරු කීරිම් සදහා උසස් තත්වයේ රෝග විනිශ්චය මෙවලම් මෙම නව ශ්‍රවණ සත්කාර ඒකකයේ අඩංගු වේ. 

විෂන් කෙයා හියරින් සොලියුෂන් හි ශ්‍රව්‍ය අංශ ප්‍රධානී හා භාෂා කථන ව්‍යාධවේදීනි සහ ශ්‍රවණවේදිනී චතිරා සිරිවර්ධන මෙනවිය මෙහිදී සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළාය. පුළුල් ශ්‍රවණ සත්කාර සෑම කෙනකුටම පහසුවෙන් ළඟා විය හැකි මට්ටමට ගෙන ඒමට අපට අවශ්‍යයි. පානදුරේ මෙම නව ශ්‍රවණ ඒකකය එම මෙහෙවරේ තවත් එක් පියවරක්. පානදුර හා ඒ අවට ප්‍රජාවට සැබවින්ම උසස් තත්වයේ සේවා ලබා දීම සදහා අපි අති නවීන තාක්ෂණය සහ පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත අවකාශයක් නිර්මාණය කර තිබෙනවා. 

පානදුර නව ශ්‍රවණ සත්කාර ඒකකයේ සේවා අතර, විශේෂ සේවාවක් ලෙස Real Ear Measurements යන ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රවණ උපකරණ සීරුමාරු යොදාගන්නා තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වා දිය හැකි අතර, එහිදී ඒ අත්දැකීම ලබා ගත හැකිය. මෙය නිවැරදි පුද්ගලයකුට අනුව ශ්‍රවණාධාරක පැළදීම සහතික කරගත් දියුණු සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමයකි. 

විෂන් කෙයා හියරින් සොලියුෂන් ශ්‍රී ලංකාවේ Oticon iy Starkey ශ්‍රවණාධාරක සදහා එකම අලෙවි නියෝජිතයා වන අතර ශ්‍රවණාධාරක උපාංග, ශ්‍රවණ පරීක්ෂණ, අලෙවියෙන් පසු සේවාව සහ නිවසට පැමිණ ශ්‍රවණ සත්කාර සේවාව ලබාදීමේ පහසුකම් හරහා පරිපූර්ණ ශ්‍රවණාධාර විසඳුම් පාරිභෝගිකයන්ට ලබාදීමට පහසුකම් ඇත. 



අදහස් (0)

විෂන් කෙයා හියරින් සොලියුෂන් වෙතින් පානදුර නගරයට අති නවීන ශ්‍රවණ සත්කාර ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site