හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේ මුල් මාස හතරේදී ගෙවීමට තිබූ විදේශ ණය වාරික සියල්ල නියමිත පරිදි ගෙවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (22) පැවැසීය.
මේ වසරේදී විදෙස් ණය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් ගෙවීමට තිබූ බවත් මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක් ගෙවා ඇති බවත් හෙතෙම කීය.
රටේ ආර්ථික තත්ත්වය සහ අභියෝග සම්බන්ධයෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයට එක්වෙමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම කරුණු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීමේදී හොඳ වාර්තාවක් පවත්වාගෙන පැමිණි බවත් නියමිත කලට අදාළ ණය ගෙවීම් කළ බවත් ඔහු කීය.
පසුගිය වසර අවසානයේදීත් මේ වසර මුලදීත් රට සතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක සංචිතයක් තිබුණු බවත් දේශීය ණය ගෙවීම් සඳහා භාවිත වීමෙන් සංචිත තරමක් අඩු වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා කීවේය.
කෙසේ නමුත් පසුගිය වසරේ සිට කරන ලද සැලසුම් සහ ගත් ක්‍රියාමාර්ගත් හේතුවෙන් සංචිත නිසි ලෙස කළමනාකරණය කරගැනීමට හැකි වූ බවත් එබැවින් අප්‍රේල් මාසය අවසන් වනවිටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට වැඩි විදෙස් සංචිතයක් පවත්වා ගැනීමට හැකි වූ බවත් හෙතෙම කීය.
මේ නිසා ඉදිරියේදී ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක විදේශ ණය ද නිසි පරිදි ගෙවීමට හැකි බව ඔහු කීය.
ඉදිරියේදී අවශ්‍ය වන මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමඟ ආණ්ඩුව සාකච්ඡා කරන බවත් මහ බැංකුව ඉන්දීය මහ බැංකුව ආදී පාර්ශව සමඟ සාකච්ඡා කරන බවත් ඔහු තවදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
413
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් ණය නියමිත වේලාවට ගෙවා අවසන්
Aris Saturday, 23 May 2020 11:16 AM
පසුගිය වසර අවසන් වෙනකොට රට සතුව ඇමෙරිකන් ඩොලර් බිලියන 7.5 ක සංචිතයක් තිබුනානම් ඒක යහපාලන ආණ්ඩුවේ ආර්ථික දක්ෂතාවයක්.