
භානුක අමරසිංහ
මෙරට අපනයන ඇගලුම් කර්මාන්තය වෙනුවෙන් ආනයනය කෙරෙන රෙදිපිළි ඇතුළු අනෙකුත් උපාංග සඳහා පනවා ඇති සියයට 18ක වැට් බද්ද හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයෝ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදය පවසයි.
විශේෂයෙන්ම මෙම සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයන් යනු මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ අදිසි කොඳුනාරටිය වන බවත්, එම ක්ෂේත්‍රය මහා පරිමාණයේ නිෂ්පාදකයන් සඳහා සාහයක සේවා, ලබා දෙමින් මෙම ක්ෂේත්‍රයේ වටිනාකම් දාමය පෝෂණය කිරීම සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දෙන බවත් එම සංසදය පෙන්වා දෙයි.
“ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලි සිටින සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් මේ වන විට මුහුණ දී සිටින විශාලතම පීඩාව අලුතින් හඳුන්වා දුන් වැටි බදු අවශ්‍යතාවයි. මෑතක් වන තුරුම අපනයන පරමාර්ථයෙන් ආනයනය කරනු ලබන රෙදිපිළි ඇතුළු අනෙකුත් උපාංග සඳහා තීරුබදු අය කළේ නැහැ. එහෙත් අපනයනකරුවන් සඳහා සියයට 18ක වැට් බද්ද අදාළ වීම නිසා වැට් බදු ගෙවීමත් සමග නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන මුදල් ප්‍රවාහය බදු ගෙවීමට භාවිත කිරීමට සිදු වෙනවා.”
එසේම රජය පවසන පරිදි වැට් ප්‍රතිපූර්ණය මෙම සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට දින 45ක් තුළ නොලැබෙන තත්වයක් තුළ ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යෑම සඳහා පවතින ප්‍රාග්ධන අවශ්‍යතා සඳහාද මෙම ගැටලුව දැඩිව බලපා තිබේ.
ඒ අනුව මේ හරහා ද්‍රවශීලතා ගැටලු, ඇනවුම් යැවීමට ප්‍රමාද වීම, සිදු කළ යුතුව පවතින යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණික යාවත්කාලීන කටයුතු සිදු කිරීමට නොහැකි වීම යන අර්බුද මතුව තිබෙන බව එම සංසදය පෙන්වා දෙයි.
“විශාල ප්‍රාග්ධන හැකියාවක් සහිත මහා පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදන සමාගම් වගේ නෙමෙයි, සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයන් දැඩි සීමාකම් මත ක්‍රියාත්මක වන නිසා ඉතා සුළු ප්‍රතිපත්තිමය වෙනස්කමක් පවා මෙම ක්ෂේත්‍රයේ වෙළෙඳ සමබරබවට දැඩි අභියෝගයක් එල්ල කරනවා.” සංසදය පවසයි.
2025 දෙසැම්බර් මස 04
84
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
356
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
371
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැට් බදු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයෝ අර්බුදයක