මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පෙරේදා (09) දිනයට සාපේක්ෂව ඊයේ (10) දිනයේදී යම් අඩුවීමක් වාර්තා විය. 
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.46 ක් දක්වා සියයට 5.56 කින්ද, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.50 ක් දක්වා සියයට 4.51 කින්ද අඩුව තිබුණි.  පෙරේදා දිනයේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 119 ක අගයකට පත් වූ අතර, WTI බැරලයක මිල ඩොලර් 102 ක අගයකට පත්ව තිබුණි. කෙසේ වෙතත් මෙම මැදපෙරදිග යුද ගැටුම් ආරම්භවූ පසුගිය පෙබරවාරි 28 වැනිදා පැවැති බොරතෙල් මිල ගණන් සැසඳීමේදී තවමත් බැරලයක මිල සියයට 30 ක අගයකින් පමණ ඉහළ අගයක් ගෙන තිබේ.