විමුක්ති එස් රුද්‍රිගු
මෙරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පිරමීඩ ක්‍රම වැනි මූල්‍ය වංචාවලට හසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන හා බැංකු සපයන නව තාක්ෂණික සේවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කළේය.
ජනතාව වැඩි හරියක් වංචාවලට හසුවන්නේ අන්තර්ජාලයේ පළ කර ඇති දැන්වීම් ඔස්සේ බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. තමන් සතු මුදල් වැරදි ආකාරයෙන් යෙදවීමට උත්සාහ දැරීම හේතුවෙන් ධනවත් පුද්ගලයන්, වංචාවලට හසුවීමේ ඉහළ අවදානමක් තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. එයට මූල්‍ය සාක්ෂරතාව සහ දැනුම අඩුවීම හේතුව බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. වර්තමානයේ අන්තර්ජාලයේ මෙවැනි දැන්වීම් දක්නට තිබෙන බවත් වට්ටම් සහ බොහෝ දේ ලබා දෙන බවට පවසමින් ආයෝජන ලබා ගැනීමට එම දැන්වීම්වලින් වංචනිකයන් උත්සාහ දරන බවත් ඔහු සඳහන් කළේය.
වත්මන් ප්‍රවණතාව වන්නේ පැළ රෝපණය සඳහා මුදල් ආයෝජන බාර ගැනීම බවත් පුද්ගලයන්ගේ සිත් ඇදී යන ආකාරයේ මුදලක් පැළ රෝපණය සඳහා යොදවන ආයෝජන මගින් නැවත ලබාගත හැකි බව පෙන්වා දෙමින් විශාල වශයෙන් ඒ ආකාරයේ දැන්වීම් අන්තර්ජාලයේ සංසරණය වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.
පැළ රෝපණයට ආයෝජනය කිරීමෙන් පලතුරු හෝ එළවළු වැනි ඵලදාවක් ලබා ගැනීමෙන් විශාල ලාබයක් ලබාගත හැකි බව එම දැන්වීම් පෙන්වා දෙන බවත් නීතියේ හිඩැස් අතරින් රිංගමින් එම වංචනිකයන් ආයෝජන ලබා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වංචාවලට හසුවන්නේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීමෙන් - මහ බැංකු අධිපති