ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලූම් කර ඇති ඩොලර් කෝටි 260 (රුපියල් කෝටි 32500)ක ණය මුදලේ අවසාන වාරිකය වන ඩොලර් කෝටි 42 (රුපියල් කෝටි 5250) ලබන ජූනි ලබාගැනීමෙන් පසුව ජාත්‍යන්තර අරමුදලින් තවත් ණය මුදලක් ඉල්ලීමට රජය සැළසුම් කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. මෙය ආපදා ණය ලෙස නොව රටේ සංවර්ධන කටයුතු සඳහා ආධාර ලෙස ලබා ගැනෙන බව ඔහු කියයි.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’
COMMENTS
ලගදීම බඩු මිල ඉහලට
අනේ අපි මේවා ගෙවන්නේ කොහොමද ? (ස)
අපෝ ඉදල ඉවරයි...ඒක ගෙවන්නත් වෙනවා අපිට..
අපි ණය දෙන රටක් වෙන්න තව කොච්චර කාලයක් යයි නේද?
තව ටික දවසකින් පොළී මුදලාලි කෙනෙක් ඇවිල්ලා ලංකාවම සින්න කර ගනීවිද දන්නේ නෑ
ලංකාවේ දේශපාලනයට පිවිසෙන්න යම්කිසි අධ්‍යාපන සුදුසුකමක් හැදුවොත් නේද හොද
ණයට ගන්න දේවලින් සංවර්ධනය කරනවා කියලා වැඩි හරියක් කරන්නේ ගසා කන එකයි
එහෙනං ඩෙලර් එක අඩුවෙයි...!!
මේක හොද පුවතක්ක.. ඇමරිකන් ඩොලරයේ අගය අඩුවෙයි නේද??
මරුනේ........ආ ණය තව ගමු. අපි තව ණය වෙමු. ලබනසතියේ බදු වැඩිකරමු. අනේ වාසනාවන්. හෙට ඉදල මොනවාද වැඩි කරන්නේ??
අනාගත පරපුර මකර කටට දාන්න එපා
ඒ ගොල්ලො ණය ගනීවි, පුරසාරම් දොඩාවි, අපේ සල්ලි වලින් ණය ටික ගෙවාවි
අනේ මගෙ වයස අවුරැදු 8යි මම කොච්චර ණයක ගෙවන්න තියෙනවාද? රැපියල් වලින්...
32500 කීයක් ඇත්තටම රටට වැඩ කරද
ලංකාවට අමුතු දෙයක් නමේයි. මං ඉපදුන දවස ඉදල අහල තියන වචනයක් . කවදාවත් අහල නැ ණය ගෙව්වා කියල .
ආපෝ.......තවත් ලෝන් එකක්ද?
මේකද ලොකුවට කියන සංවර්ධනය....
අනේ කේ. කේ සහ රෝහණ, ලංකාව ණයෙන් මිරිකිලා සින්න වෙලා ගියත් කමක් නැහැ ඩොලරය අඩූ වෙනවානම් නේද.ඔයාල වගේ මිනිස්සු ඉන්නකම් මේ රට හදන්න බැහැ..කියමුකෝ බලන්න දැන් ඔය ගත්තු කෝටි 32500 හින්දා ඩොලරය අඩු වුනාද?110ට තිබුන ඩොලරය අද 132 වෙලා තියෙන්නේ ඔය IMF එකෙන් දාපු නීති හින්දයි, වැල් පොලීත් එක්ක වාරික ගෙවන්න වෙලා තියෙන හින්දයි.
ගන්න මාමේ ණය.....අපි ගෙවන්නම්.....බය වෙන්න එපා....මෙහෙම හරි රට දියුණු කරොත් කාටද ?????..
ලොක්කෝ නම් ණය ගනී.ණය ගෙවන කාලේ ආවහම අපිට දවල් තරු පෙනෙයි
කට්ටියක් ණය ගන්නවා..කට්ටියක් පගාව ගන්නවා....රටේ හැටි මෙහෙමයි..