
DIMO Mega Fiesta Kurunegala 2026 වැඩසටහන පසුගියදා DIMO කුරුණෑගල ශාඛා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි. දින පහක් පුරා ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන කුරුණෑගල හා ඒ අවට ප්‍රදේශවල Tata වෙළෙඳ වාහන හිමියන් සහ ක්‍රියාකරුවන් 400කට අධික පිරිසක් එක්රැස් කරමින් ඔවුන්ගේ වාහනවල කාර්යක්ෂමතාව සහ දිගුකාලීන ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සංවිධානය කෙරිණි.
මෙම වැඩසටහන හරහා පාරිභෝගිකයන්ට DIMO හි අලෙවියෙන් පසු සේවා විශේෂඥතාව පහසුවෙන් ලබා ගැනීමට මෙන්ම කලාපීය Tata වෙළෙඳ වාහන ප්‍රජාව සමග සිය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ද අවස්ථාව සැලසිණි.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් DIMO හි Automotive Engineering Solutions අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ පැවසීය. ‘‘බොහෝ වෙළෙඳ වාහන හිමියන්ට ඔවුන්ගේ වාහනය ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොවේ, ඔවුන්ගේ ජීවනෝපාය ද වනවා. ඒ නිසාම DIMO Mega Fiesta සැලසුම් කළේ තාක්ෂණික උපදෙස්, ජෙනුයින් අමතර කොටස්, මූල්‍ය විසඳුම් සහ සෞඛ්‍යය හා සුබසාධන වැඩසටහන් ඇතුළු සේවා එකම ස්ථානයකින් ලබාගත හැකි පුළුල් ව්‍යපෘතියක් ලෙසයි. පාරිභෝගිකයාගේ රථ හිමිකාරිත්ව ගමන පුරාවටම විශ්වාසනීය සහකරුවකු ලෙස රැඳී සිටීමේ අපගේ කැපවීම මෙම වැඩසටහනෙන් පිළිබිඹු වෙනවා.”
මෙම වැඩසටහනේදී Tata Motors හි පුහුණුව ලත් තාක්ෂණික නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ නොමිලේ සම්පූර්ණ වාහන පරීක්ෂාව සිදුකර විස්තරාත්මක තාක්ෂණික වාර්තා පාරිභෝගිකයන් වෙත ලබා දෙන ලදී. එමගින් වාහනවල ඇති විය හැකි ගැටලු හඳුනාගෙන, නඩත්තු සහ අලුත්වැඩියා සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට ඔවුන්ට හැකි විය.
මෙම පරීක්ෂණවලදී එන්ජින් ආශ්‍රිත දෝෂ, ඩීසල් පොම්ප ආශ්‍රිත අලුත්වැඩියා අවශ්‍යතා සහ සාමාන්‍ය නඩත්තු කටයුතු වඩාත් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු ලෙස හඳුනා ගන්නා ලදී. තාක්ෂණික උපදේශන හරහා නියමිත වේලාවට නඩත්තු කටයුතු සිදුකිරීමේ වැදගත්කම සහ Tata ජෙනුයින් අමතර කොටස් භාවිතයෙන් වාහනවල ආයු කාලය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගත හැකි ආකාරය පිළිබඳව ද පාරිභෝගිකයන් දැනුවත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd