
ශ්‍රී ලාංකිකයන්ගේ වාහන සිහිනය වඩාත් පහසුවෙන් සැබෑ කරලීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් පුද්ගලික සමාගම පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම සුවිශේෂී සහයෝගීතාව හරහා HNB සතු විශේෂඥ බැංකුකරණ පළපුරුද්ද සහ යුරෝ මෝටර්ස් සමාගම මෙරටට හඳුන්වා දෙන ලොව සුප්‍රකට DONGFENG සහ JETOUR වැනි වාහන සන්නාම පාරිභෝගිකයා වෙත සමීප කෙරේ. පාරිභෝගිකයන්ට නම්‍යශීලී සහ ආකර්ෂණීය මූල්‍ය හා ලීසිං විසඳුම් රැසක් හඳුන්වා දෙමින්, උසස් තත්වයේ නවීන මෝටර් රථ මිලදී ගැනීමේ අවස්ථාව වඩාත් පුළුල් කිරීම මෙහි මූලික අරමුණයි.
විශ්වාසනීය මෙන්ම දැරිය හැකි මූල්‍ය විසඳුම් අපේක්ෂා කරන පාරිභෝගිකයන් දිරිමත් කරමින්, DONGFENG සහ JETOUR සන්නාම ශ්‍රී ලංකාව පුරා තවදුරටත් ප්‍රචලිත කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. මේ හරහා පෞද්ගලික මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රවල වෙනස් වන ප්‍රවාහන අවශ්‍යතාවලට මැනවින් ගැළපෙන පරිදි සකස් කරන ලද, ආකර්ෂණීය ලීසිං ප්‍රතිලාභ රැසක් භුක්ති විඳීමේ අවස්ථාව ද පාරිභෝගිකයන් වෙත උදාවේ.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/ පාරිභෝගික බැංකුකරණ අංශ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ සඳහන් කළේය. ‘‘ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ ජීවිතයේ ඉලක්ක සැබෑ කරලීම වෙනුවෙන් නවීන මූල්‍ය විසඳුම් හඳුන්වා දීමට HNB අප නිරන්තරයෙන් කැපවී සිටිනවා. පාරිභෝගික අවශ්‍යතාවලට මුල්තැන දෙන සහ වඩාත් පහසු ලීසිං සේවා සැපයීම උදෙසා බැංකුව දක්වන විශේෂ අවධානය යුරෝ මෝටර්ස් සමග ඇති කරගත් මෙම සබඳතාවෙන් මැනවින් පෙන්නුම් කරන අතර මෙරට වඩාත්ම ගෞරවනීය මූල්‍ය ආයතනයක් ලෙස HNB සතු ශක්තිය, විශ්වාසය සහ විශිෂ්ට සේවා විශිෂ්ටත්වයෙන් පාරිභෝගිකයන්ට උපරිම වටිනාකමක් අත්කර දිය හැකියි.”
“HNB සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ වාහන පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකියි. DONGFENG සහ JETOUR වැනි වාහන සන්නාම සතු උසස් ප්‍රමිතිය හා නවීන තාක්ෂණය සමග HNB හි මූල්‍ය ශක්තිය ඒකාබද්ධ කිරීමෙන් ඉහළ කාර්යක්ෂමතාවක්, විශ්වාසනීයත්වයක් මෙන්ම සාධාරණ මිලක් අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට මෙය කදිම අවස්ථාවක්. මෙම සහයෝගීතාවෙන් පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු වන අතරම, මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ අපගේ සන්නාමවල වර්ධනය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් යුරෝ මෝටර්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රවීන්ද්‍ර සේනාරත්න මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd