නිමල කොඩිතුවක්කු
ආදායම් සංරක්ෂණ පනත සහ (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෝටර් වාහන ආනයනය කිරීම සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීමට සමගාමීව එම වාහන ආනයනය සඳහා සියයට 30ක ආනයන තීරු බද්දක් පැනවීම පිණිස 2024.12.09 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, පහත සඳහන් අති විශේෂ ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ආඥාව සහ නියමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අංක 2421/05 හා 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනතේ 2 වැනි වගන්තිය යටතේ වූ අංක 01/2025 දරන ආදායම් සංරක්ෂණ ආඥාව.
අංක 2421/43 හා 2025.01.31 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති (235 වැනි අධිකාරය වූ) රෙගු ආඥාපනතේ 10 (අ) වගන්තිය යටතේ පනවන ලද නියමය.
2025 දෙසැම්බර් මස 18
652
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
319
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගු ආඥාපනත යටතේ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට