නිමල කොඩිතුවක්කු
රටට අහිතකර ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් මෙන්ම එයට සම්බන්ධ වූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව වෘත්තිකකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල පෙරේරා මහතා අද (28) කොළඹදී පැවසීය.
ඒ සම්බන්ධයෙන් වෘත්තිකකයන්ගේ ජාතික පෙරමුණ මේ වනවිට නීතිමය උපදෙස් ගෙන ඇති බවත් රටට අහිතකර ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.
වෘත්තිකකයන්ගේ ජාතික පෙරමුණ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ගොඩනැල්ලේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අල්ලයි ගිවිසුම් අත්සන් කරපු අයගේ නැටි
මෙහෙවූ රටේ අහංකාර පාලකයෝ කියන දේ අහන්නෙම නැතිනම් සෑම සේවකයෙක්ම එකට නැගී සිට පාලකයන්ව ඉවත් කිරීමට පියවර ගත යුතුයි.