IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රාජ්‍ය - පෞද්ගලික හවුල් ආකෘති

(හර්ෂණ තුෂාර සිල්වා)

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සම්මත කරගත් ඌන උපයෝජන පනත වෙනුවට රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘති හඳුන්වා දීම කෙරෙහි වත්මන් ආණ්ඩුව අවධානය යොමු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා බ්‍රහස්පතින්දා (12) පැවැසීය.

වසර 2011 දී පාර්ලිමේන්තුවේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවැති ආණ්ඩුව ඌන උපයෝජන පනත සම්මත කරගනිමින් පාඩු ලබන ව්‍යාපාර 37ක් රජයට පවරා ගන්නා ලදි. එම පනත සම්මත කරගැනීමේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයෙන් සහ ව්‍යාපාරික ප්‍රජාවෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඇඞ්වොකාටා ආයතනය සංවිධානය කළ ආර්ථික නිදහස සමුළුවේ, සෞභාග්‍ය සඳහා ප්‍රතිපත්ති රාමුවක් ලෙස ආර්ථික නිදහස යන මැයෙන් කොළඹ ග්ලෝබල් ටවර්ස් හෝටලයේ පැවැති දෙවැනි ප්‍රධාන සැසියේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එම කරුණු කීවේය.

එම පනත ව්‍යාපාරික ප්‍රජාවට සහ ආයෝජකයන්ට ඍණාත්මක පණිවිඩයක් ලබාදුන් බව කී රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය ව්‍යවසාය ලාභ උපයන තත්ත්වයට පත් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘති හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු කරන බව ද කීවේය.
මෙහිදි අදහස් දැක් වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ ද කීය.

“පසුගිය ආණ්ඩුව පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා පනතක් ගෙන ආවා. එම පනත නිසා ව්‍යාපාරික ප්‍රජාව සහ ආයෝජකයන් අධෛර්යට පත්වුණා. ඔවුන්ට වැරැදි පණිවිඩයක් ගියා. අපි එම පනත ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ වෙනුවට රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘති හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මම කිව යුතුයි. බොහෝ අය මා හමුවෙන් සාකච්ඡා කරන්න අවස්ථා ඉල්ලනවා. කනගාටුවෙන් වුවත් කිව යුතුයි. අපිත් පොඞ්ඩක් නිදා ගන්න ඕනේ. හැමෝටම හැම වෙලාවෙම අවස්ථා දෙන්න ඉඩක් නැහැ. ඒ වගේම ඇතැම් අය වාර්තා එවනවා. මම කියන්න කැමැතියි, එහෙම කරන්න එපා. ගැටලුවක් තිබෙනවා නම් එය කෙටියෙන් සඳහන් කර මට එවන්න. ඒ වගේම ඊට ඔබේ යෝජනා කරන විසඳුම් මොනවාදැයි ලියා එවන්න. අපට වාර්තා වෙනුවට යෝජනා ක්‍රියාවට නැංවිය හැකි දේ කියන්න” යැයි ද අමාත්‍යවරයා තවදුරටත් කීවේය.    

මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථිකවේදී අනුෂ්ක විජේසිංහ මහතා මෙසේ කීය.

“ ව්‍යාපාර කිරීමේ නිදහස සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ව්‍යාපාර කිරීමේ නිදහස ඉහළ නැංවීම වෙනුවෙන් කාර්ය සාධක බලකා 8ක් ක්‍රියාත්මක වෙනවා. ලෝක බැංකුවේ ව්‍යාපාර කිරීමේ නිදහස දර්ශකයේ, දර්ශක 8 ක් සැලකිල්ලට ගනිමින්, එම දර්ශකවලට අනුව එම කාර්යසාධක බලකා කටයුතු කරනවා” යැයි හෙතෙම වැඩිදුරටත් කීවේය.
 



අදහස් (2)

රාජ්‍ය - පෞද්ගලික හවුල් ආකෘති

සෙනෙවි Sunday, 15 October 2017 05:52 AM

යන යකා කොරහත් බිඳගෙන යන්න හදන්නේ

:       76       214

Hira Monday, 23 October 2017 08:06 AM

මෙයා තනිකරම මිථ්‍යා මතවාදියෙක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site