IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රැකියා පොළ යළි නුගේගොඩදී

‘ඔබට හොඳ රැකියාවක් - රටට සුබ නව යුගයක්‘  මැයෙන් රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නොමිලේ පවත්වන රැකියා පොළ සිව්වන වරටත් 22 වැනිදා උදේ 8 - 1දක්වා නුගේගොඩ රේමන්ඩ් පාරේ අංක 32/7 දරණ ස්ථානයේ මොහාන් ලාල් ග්‍රේරු පදනමේ මහජන සම්බන්ධතා කාර්යාලයයේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ දිස්ත්‍රික් පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය සමාගම්, කර්මාන්ත ශාලා, පෞද්ගලික පාසල්, රෝහල්, හෝටල් සහ සංචාරක ආයතන ප්‍රචාරණ ආයතන ඇතුළු ආයතන රැසක පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මෙහිදී පැවැත්වීමට නියමිතය.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ උපදේශකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.

 



අදහස් (23)

රැකියා පොළ යළි නුගේගොඩදී

ප්‍රසාද් කලුපහන Wednesday, 12 November 2014 11:03 AM

මෙන්න ආදර්ශවත් දේශපාලකයන්. කයිවාරු නොගසා පීඩිත තරුණ හදවත් තේරුම්ගෙන මර්දනය වෙනුවට ඔවුනගේ ජීවිත වර්ධනය කරන්නට දරන ඔබේ උත්සාහයට සමස්ත තරුණ ප්‍රජාවගේම ප්‍රණාමය. (නි)

:       8       2

ප්‍රසාද් කලුපහන Wednesday, 12 November 2014 11:05 AM

මෙන්න ආදර්ශවත් දේශපාලකයන්. කයිවාරු නොගසා පීඩිත තරුණ හදවත් තෙරුම් ගෙන මර්දනය වෙනුවට ඔවුන්ගේ ජීවිත වර්ධනය කරන්නට දරන ඔබේ උත්සාහයට සමස්ත තරුණ ප්‍රජාවගේම ප්‍රණාමය. (නදී)

:       0       1

ප්‍රසාද් කලුපහන Wednesday, 12 November 2014 11:11 AM

මෙන්න ආදර්ශවත් දේශපාලකයන්.කයිවාරු නොගසා පීඩිත තරුණ හදවත් තෙරුම් ගෙන මර්දනය වෙනුවට ඔවුනගේ ජීවිත වර්ධනය කරන්නට දරන ඔබේ උත්සාහයට සමස්ත තරුණ ප්‍රජාවගේම ප්‍රණාමය.(දිල්)

:       0       4

හෂාන් Thursday, 13 November 2014 04:51 AM

පුද්ගලික බැංකු වල පුරප්පාඩු නිතරම පත්තර වල පලවෙන්නේ නැහැ. මගේ නංගි සෑහෙන කාලයක් තිස්සේ උත්සාහ කල නිසා මේ කියන්නේ. පුද්ගලික බැංකු පුරප්පාඩු පිරවීමට පවත්තන විභාග වලට පන්ති නැහැ, නමුත් මහා බැංකුවේ සහ රජයේ ප්‍රධාන බැංකුවල විභාග වලට නම් පන්ති පවත්තෙනවා. තේරුම් ගත යුත්තේ මෙතැන ඉල්ලුම කරන්නේ රජයේ බැංකුවකටද නැති නම් පුද්ගලික බැංකුවකටද යන්න. නැති නම් තමන්ගේ ඉල්ලුම් කරන විදිය සහ මාර්ගය වරදින්න පුළුවන්. (අ)

:       0       4

චම්පික Thursday, 13 November 2014 04:57 AM

මගේ මල්ලි ඔය රැකියා පොලෙන් බැංකුවකට රැකියාවකට යන්න කියල ඉල්ලුම් කලත් බැරි වුනා. නමුත් අපේ කාර්යාලයේ කෙනෙක් ගේ ඒ බැංකුවේ වැඩ කරන ඥාතියෙක් මගින් ඉල්ලුම් පත්‍රයක් යැව්වාම ටික කලකට පසු තරඟ විභාගයක් පවත්වා. සම්මුඛ පරීක්ෂනයක් තියා පුහුණුවන සේවකයෙක් ලෙස බඳවා ගත්තා. ඒ නිසා ඔය ඇතුලේ කෙනෙකුගේ ඇල්ම බැල්ම අවශ්‍යයි කියන එක මමත් විශ්වාස කරනවා. නමුත් එහෙම නැතිව වැඩේ කර ගන්න අයත් ඇති. (අ)

:       0       0

සුරාජ් Wednesday, 12 November 2014 11:33 AM

භානු, නමුත් පුද්ගලික බැංකු වල හැම රස්සාවටම එහෙම විභාග තියෙන බව නම් අපි දන්නෙ නැහැ. බැංකු වල තියෙන්නේ එකම තනතුරු කොට්ඨාසයක් විතරමද? (ර)

:       0       1

සමන්ත කුමාර Wednesday, 12 November 2014 11:37 AM

ඔයා කොහොමද එහෙම කියන්නේ.? මීට මාස කීපයකට කළින් ග්‍රේරු මහතාගේ රැකියා පොළට මමත් සහභාගී වුනා. එතන රාජගිරියේ තිබෙන ප්‍රධාන පුද්ගලික බැංකුවක් පවා සම්මුඛ පරීක්ෂන කලා. මට සුදුසුකම් නොතිබූ නිසා එතනට ගියේ නැතත් මගේ මිතුරෙකුට ඉදිරියට යන්න අවස්ථාව ලැබුණ බව මට මතකයි. කුහක කමකින් අදහස් දක්වන්න එපා, මෙය අගය කරමු. (ර)

:       0       1

සමාධි Wednesday, 12 November 2014 12:20 PM

මමත් දන්නා තරමින් පුද්ගලික බැංකු වලට රැකියාලාභීන් ගන්න සාමාන්‍ය ක්‍රියා පටිපාටිය මීට වෙනස්. සමන්ත කුමාරගේ යාළුවාට පුදුම විදියකට යන්න ලැබිලා තියෙන්නේ. එහෙම වුණා නම් බොහොම හොඳයි. (නි)

:       0       1

චාමින්ද Wednesday, 12 November 2014 12:24 PM

වෙනත් ආයතන ගැන කියූ දේවල් මම පිළිගන්නවා. නමුත් ප්‍රධාන පුද්ගලික බැංකු ගැන සමන්ත කියා ඇත්තේ අතිශයෝක්තියක්. (නි)

:       0       0

යශෝධා Wednesday, 12 November 2014 11:29 PM

රැකියා විරහිත තරුණ තරුණියන්ට මෙය මහත් අස්වැසිල්ලක් වේවි (නි)

:       0       0

විදුර Wednesday, 12 November 2014 11:29 PM

මමත් දන්නා තරමට පුද්ගලික බැංකු වලට බඳවා ගැනීමේදී කාර්ය මණ්ඩල රෙකමදාරුව සළකනවා. මීට හේතුව වෙන්නේ බැරිවෙලා හරි යම්කිසි මුල්‍ය වංචාවක් හෝ ආයතන ප්‍රතිපත්තිවිරෝධී කටයුත්තක් සේවකයා අතින් සිදුවුණහොත් පළමුව බලන්නේ ඒ පුද්ගලයා බැංකුවට යෝජනා කළේ කවුද කියලා. (නි)

:       0       0

කන්චි Wednesday, 12 November 2014 12:44 PM

එක්තරා බැංකුවක් එතන ඇවිත් කලේ වෙළඳ ප්‍රචාරක කටයුතු කියල නම් මට මතකයි. (නදී)

:       0       0

නිලංග Wednesday, 12 November 2014 12:57 PM

මෙහි වෙනදේවල් මම දන්නේ නැහැ. නමුත් . සාමාන්‍යයෙන් බැංකු වලට බඳවා ගැනීමේදී ඉහත මුලින්ම සඳහන් වූ ක්‍රියාපිළිවෙල ක්‍රියාත්මක වෙන බව කිව හැක (නි)

:       0       0

පසන් සේනාධීර - පන්නිපිටිය Thursday, 13 November 2014 02:26 AM

බැංකු ඇතුළට ගිය කිසිකෙනෙක් තව හිතවතෙකුට වුණත් ගිය විදිහ කියා දෙන්නෙත් නැහැ කියලා නම් අපි දන්නවා. අර විභාගය,මේ විභාගය, අරයගෙ රෙකමදාරුව කියා කියනවා. ඒත් අපි දන්න සමහරු මොකුත්ම නැතුව වැඩ. බොරුවට තර්ක කර කර ඉන්නේ නැතුව මේ වැඩේ අගයමු. අද රැකියා වලට අයදුම්පත් දාලා සම්මුඛ පරීක්ෂණයක් නැතුව ලතවෙන තරුණ පරපුරට හොඳ අවස්ථාවක් (නි)

:       0       0

පසන් සේනාධීර - පන්නිපිටිය Thursday, 13 November 2014 02:31 AM

බැංකු අතුලට ගිය කිසි කෙනෙක් තව හිතවතෙකුට වුනත් ගිය විදිහ කියා දෙන්නෙත් නැහැ කියලා නම් අපි දන්නවා. අර විභාගෙ,මේ විභාගේ, අරයගෙ රෙකමදාරුව කියා කියනවා. ඒත් අපි දන්න සමහරු මුකුත් නැතිව වැඩ. ඒ ගැන තර්ක කර කර ඉන්නේ නැතුව මේ වැඩේ අගයමු. අද රස්සා වලට අයදුම් පත් දාල සම්මුඛ පරීක්ෂණයක් නැතුව ලතවෙන තරුණ පරපුරට හොඳ අවස්ථවාවක්. (නදී)

:       0       1

රුවන් Thursday, 13 November 2014 02:49 AM

පසන් ඔය කතා කරන්නේ රජයේ බැංකු ගැනයි. ක්‍රමවත් බඳවා ගැනීම ගැනීම් නොතිබුනා නම් පුද්ගලික බැංකු වල අද පවතින ගුණාත්මක භාවයක් නැහැ. රජයේ බැංකු වලට නම් සමහර පත් වීම් ලැබෙන්නේ කිසිම විභාගයක් පරීක්ෂණයක් නැතිව කියල අපි දන්නවා. මෙතනත් එහෙම එකක් ද දන්නේ නැහැ.(නදී)

:       0       0

විරන්ත Thursday, 13 November 2014 03:42 AM

මේක නම් අගය කළයුතු හොඳ කාර්යයක් (නි)

:       0       0

සරෝජනී Thursday, 13 November 2014 04:15 AM

මේ ඔක්කොම බැංකු වලටම, ඒ ගැනම කථා කරන්නේ මොකද කියා මම දන්නේ නැහැ. මෙහෙමයි මේ දිහා මම දකින්නේ. පුවත්පත් මගින් බැංකු දැන්වීම් පලකරනවා. එයාලට තොග පිටින් අයදුම් පත් එන්න පුලුවන්. එයාලා බදවා ගන්න ක්‍රමවේදය ඉහත සමහරු කියන ක්‍රමය කියමු. නමුත් මේ වගේ තැනකට ආවාම පුවත්පත් දැන්වීම් දමමින් තැපැල් හෝ අන්තර්ජාලය මගින් එන අයදුම් පත් එකින් එක වෙන් කරමින් විශාල කාලයක් වෙන් කරනවාට වඩා, එකවර විශාල ප්‍රමාණයක් අතරින් තමුන්ට අවශ්‍ය පිරිස් මූලිකව තෝරා ගන්නත් අවස්තාව ඇති. එතනදී අයදුම්කරුවන්ට වගේම බැංකු රස්සාවලට උත්සාහ කරන අයට ඒ අය සමග කෙළින්ම කථා කර ඉදිරියේදී තමුන්ගේ ඉලක්කයට යන්න අවශ්‍ය මග දැන ගන්න පුලුවන්. මෙතනින් අයදුම් පත් එකතු කරන් එයාලගේ විභාග වලට ඒ අයව යොමු කරගන්නවා වෙන්න බැරිද? ඒ විභාග සමත් වීමට තමයි විභාග කියා පන්ති පවා තියෙන්න්නේ. අනෙක බැංකු පත්තර වල දාන අයදුම් පත් කැදවීම් වලට අයදුම් පත් යොමු කරන්න බැරි වුන අතපසු වුන අයට මෙය අවස්ථාවක්. අනෙක මෙතන බදවා ගන්න සම්මුඛ පරීක්ෂණ විතරනේ තියෙනවා කියන්නේ. සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමක්වත් නැතුව ලත වෙන අපිට නම් මෙය දෙවියන් දුන් අවස්ථාවක් වගේ. අම්මලා කොයි තරම් නම් දේවාල වල යදිනවාද දුවට පුතාට රස්සා සොයා දෙන්න කියා. (නදී)

:       0       0

සරෝජනී Thursday, 13 November 2014 04:19 AM

මේ ඔක්කොම බැංකු වලටම ,ඒ ගැනම කථා කරන්නේ මොකද කියා මම දන්නේ නැහැ.මෙහෙමයි මේ දිහා මම දකින්නේ.පුවත්පත් මගින් බැංකු දැන්වීම් පලකරනවා.එයාලට තොග පිටින් අයදුම් පත් එන්න පුලුවන්,එයාලා බදවා ගන්න ක්‍රම වේදය ඉහත සමහරු කියන ක්‍රමය කියමු,නමුත් මේ වගේ තැනකට ආවාම පුවත් පත් දැන්වීම් දමමින් තැපැල් හෝ අන්තර්ජාලය මගින් එන අයදුම් පත් එකින් එක වෙන් කරමින් විශාල කාලයක් වෙන් කරනවාට වඩා, එකවර විශාල ප්‍රමාණයක් අතරින් තමුන් ට අවශ්‍ය පිරිස් මූලිකව තෝරා ගන්නත් අවස්තාව ඇති.එතනදී අයදුම් කරුවන්ට වගේම බැංකු රස්සාවලට උත්සාහ කරන අයට ඒ අය සමග කෙළින්ම කථා කර ඉදිරියේදී තමුන්ගේ ඉලක්කයට යන්න අවශ්‍ය මඟ දැන ගන්න පුලුවන්.මෙතනින් අයදුම් පත් එකතු කරන් එයාලගේ විභාග වලට ඒ අයව යොමු කරගන්නවා වෙන්න බැරිද?ඒ විභාග සමත් වීම ට තමයි විභාග කියා පන්ති පවා තියෙන්න්නේ. අනෙක බැංකු පත්තර වල දාන අයදුම් පත් කැදවීම් වලට අයදුම් පත් යොමු කරන්න බැරි වුන අතපසු වුන අයට මෙය අවස්ථාවක්.අනෙක මෙතන බදවා ගන්න සම්මුඛ පරීක්ෂණ විතරනේ තියෙනවා කියන්නේ.සම්මුඛ පරීක්ෂණයකට කැදවීමක්වත් නැතුව ලත වෙන අපිට නම් මෙය දෙවියන් දුන් අවස්ථාවක් වගේ. අම්මලා කොයි තරම් නම් දේවාල වල යදිනවාද දුවට පුතාට රස්සා සොයා දෙන්න කියා. (අ)

:       0       1

භානු Wednesday, 12 November 2014 10:54 AM

පුද්ගලික බැංකු මෙහෙම පොලේ ගිහින් කාර්ය මණ්ඩල බඳවා ගන්නේ නැහැ. නිසි ක්‍රම වේදයක් තිබෙනවා. විභාගයක් පවත්වා ඉන් සමත් වෙන උදවියට තමයි සම්මුඛ පරීක්ෂණයට කතා කරන්නේ . අනෙක අන්වාර්යයෙන්ම කාර්ය මණ්ඩල සමාජිකයෙක්ගේ පුද්ගලික රෙකමදාරුව මගින් තමයි ඉල්ලුම් පත්‍රය භාර ගන්නේ. මේ ටික මම ලිව්වේ පුද්ගලික බැංකු වලට බඳවා ගැනීම් ගැන වගකීමක් ඇතිව දන්නා නිසා. (බ)

:       0       0

Chanaka udayapriya Monday, 27 August 2018 10:31 AM

රියදුරු ජොබ් එකක් සොයනු ලැබේ.

:       0       0

Ruchira Chanaka Lakmal Rajapaksha Wednesday, 02 October 2019 06:07 AM

රැකියා.........

:       0       0

සමන්ත කුමාර Sunday, 03 May 2020 10:23 AM

ආප්ප කොත්තු වැඩකරන්න තැනක් හොයලා දෙන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 520 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 109 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 122 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 131 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 174 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්
2024 මාර්තු මස 22 101 0

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 131 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1397 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1336 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site