IMG-LOGO

2025 මාර්තු මස 22 වන සෙනසුරාදා


මෙරට ජපන් ව්‍යාපාරවලට හොඳ කලක්

  • සමාගම්වලින් සියයට 75ක් කැපී පෙනෙන දියුණුවක් අපේකෂා කරයි. 
  • සියයට 46.4ක් ලාබදායී මෙහෙයුමක බලාපොරොත්තු 
  • සියයට 36ක් මෙහෙයුම් පුළුල් කිරීමටත් සැලසුම්

ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටුණු මෙරට ජපන් ව්‍යාපාර මෙම වසරේදී ශක්තිමත්ව ධනාත්මක දිශාවකට ගමන් කරන ලකුණු පෙනෙන්නට ඇති බව ජපාන විදේශ වෙ​ෙළඳ සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජපන් සමාගම්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් 2024 වසරේදී ලාබයක් අපේක්ෂා කරන බවත් එය 2023 වසරට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බවත් ජපාන විදේශ වෙ​ෙළඳ සංවිධානයේ වාර්ෂික සමීක්ෂණයේ සඳහන් වේ. මෙම සමීක්ෂණය පසුගිය වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් කාලවලදී සිදුකර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ සමාගම් 31ක් ඇතුළුව ආසියා-ඕෂනියා කලාපයේ ජපන් සමාගම් 5,007කින් ප්‍රතිචාර ලබාගෙන ඇත.

මෙම ගම්‍යතාව මෙම වසරේදී තවත් වේගවත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ. 2025 වසරේ මෙහෙයුම් ලාබ අපේක්ෂාව මත, ශ්‍රී ලංකාවේ සිටින ජපන් සමාගම්වලින් සියයට 75ක් කැපී පෙනෙන දියුණුවක් අපේක්ෂා කරන බවද එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. මෙලෙස ජපාන ව්‍යාපාර පිළිබඳ පුරෝකථන ධනාත්මක වීමට කරුණු කීපයක් බලපා ඇති බවත් ඒ අතර දේශීය ඉල්ලු‍ම වැඩිවීම, දේශීය වෙ​ෙළඳපොළේ විකුණුම් පද්ධතිය ශක්තිමත් කිරීම, නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙන්ම වාහන ආනයන තහනම ඉවත් කිරීම සහ බහාලු‍ම් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු අඩු කිරීම යන කරුණු තිබෙන බවත් ජපාන විදේශ වෙළඳ සංවිධානයේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ජපාන ව්‍යාපාර පැහැදිලිවම ධනාත්මක මාවතකට පැමිණ ඇති බවත් මෙරට ජපන් ව්‍යාපාරවලින් සියයට 46.4 ක් 2024 වසරේදී ලාභදායි මෙහෙයුමක් අපේක්ෂා කරන බවත් එම වාර්තාවේ දැක්වේ. 2024 වසරේදී ලාභ අපේක්ෂා කරන ජපන් ව්‍යාපාර ප්‍රතිශතය 2023 වසරට සාපේක්ෂව සියයට 11.4 ක ඉහළ යාමක් බවත් 2015 වෙන් පසුව වාර්තාවූ තෙවැනි ඉහළම ප්‍රතිශතය මෙය බවත් ජපාන විදේශ වෙළඳ සංවිධානය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ජපාන ව්‍යාපාරවලින් සියයට 36.7 කට වැඩි ප්‍රමාණයක් එළැඹෙන වසර දෙකක කාලය තුළ ඔවුන්ගේ මෙහෙයුම් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 8.6 ක ඉහළ යාමක් බවත් ජපාන විදේශ වෙෙළඳ සංවිධානයේ වාර්ෂික සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. බොහෝ සමාගම් ඔවුන්ගේ දේශීය විකුණුම් ජාලය පුළුල් කිරීම සහ නව නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා සැලසුම් පෙන්වා දුන් නමුත් සියයට 13.3ක් මෙහෙයුම් අඩු කිරීමට හෝ වෙනත් රටකට සංක්‍රමණය වීමට සැලසුම් කර තිබෙන බව එම වාර්තාවේ දැක්වේ. එය පෙර වසරට සාපේක්ෂව සියයට 7 ක ඉහළ යාමක් බවද පැවැසෙයි.

මෙරට ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හේතු දැක්වූවන්ගෙන් සියයට 54.8 පවසා ඇත්තේ අඩු ශ්‍රම පිරිවැය මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවයි. එසේම භාෂාමය/සන්නිවේදන බාධක අවම වීම සියයට 41.9 ක් මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇති අතර තවත් සියයට 38.7 ක් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙ​ෙළඳපොළ ප්‍රමාණය සහ මෙරට ව්‍යාපාරයක් වර්ධනය කර ගැනීමට ඇති හැකියාව මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවයි.

තවත් සියයට 22.6 ක් ශ්‍රී ලංකාව ලබාදෙන බදු සහන මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවත් තවත් සියයට 22.6 ක් දේශීය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට ඇති පහසුව මෙරට ආයෝජනය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවත් ප්‍රකාශ කර ඇතැයි ජපාන විදේශ වෙ​ෙළඳ සංවිධානය පැවැසුවේය.

එසේම මෙරට ආයෝජනය කිරීමේදී අවදානම් අවස්ථා ලෙස සියයට 83.9 ක් මෙරට දේශපාලන සහ සමාජීය අස්ථාවරත්වය හඳුන්වා තිබෙන බවත් සියයට 71ක් මෙරට අපැහැදිලි රාජ්‍ය ප්‍රතිපත්ති කළමනාකරණය මෙරට ආයෝජනය කිරීමේදී අවදානම් අවස්ථාවක් බව හදුන්වා දී තිබෙන බවත් ජපාන විදේශ වෙ​ෙළඳ සංවිධානය නිකුත් කළ වාර්ෂික සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.



අදහස් (0)

මෙරට ජපන් ව්‍යාපාරවලට හොඳ කලක්

ඔබේ අදහස් එවන්න

 

ව්‍යාපාරික විත්ති

ජ්‍යාත්‍යන්තර ආයෝජකයන් අතර ලංකාවට ධනාත්මක ආකල්ප
2025 මාර්තු මස 21 68 0

ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්ප ආයෝජකයන් අතර වර්ධනය වෙමින් පවතින බවත් විශේෂයෙන් ජාත්‍යන්තර ආයෝජකයන් තුළ මෙලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ධනාත්මක ආකල්ප වර්


සංචාරක පැමිණීම් ලක්ෂ හය පන්නයි
2025 මාර්තු මස 21 46 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට පසුගිය 16 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 613,728 ක් පැමිණ ඇති අතර මෙම වසරේ ඉලක්කය වන සංචාරකයන් මිලියන තුන සපුරා ගැනීම ස


ශ්‍රී ලංකා-ඉන්දුනීසියා සංචාරක අවස්ථා පුළුල් කෙරේ
2025 මාර්තු මස 21 22 0

ශ්‍රී ලංකවේ සහ ඉන්දුනීසියාවේ සංචාරක අවස්ථා පුළුල් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ත


ඩිජිටල්කරණයෙන් සියලු‍ම ගනුදෙනු විගණනය කරන්න පුළුවන්
2025 මාර්තු මස 21 45 0

ශ්‍රී ලංකා ආර්ථිකය මුදල්වලට වියදම් කරන ප්‍රමාණය සියයට 1.5 ක් වුවත් ඩිජිටල්කරණ හරහා සියලු‍ ගෙවීම් කරන තත්වයට දියුණු කළ හොත් මුදල්වලට කරන විදයම අඩු කරගතහ


ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේදී
2025 මාර්තු මස 21 11 0

ඩිජිටල් ගනුදෙනුවලින් අනාගතය හැඩගන්වමු මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කරන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනේ මීළඟ අදියර නුවරඑළයේදී ලබන 22 සහ 23 යන


BYD ඉලෙක්ට්‍රික් වාහන 462ක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට
2025 මාර්තු මස 21 23 0

දේශීය වෙළෙඳපොළ සඳහා ආනයනය කරන ලද දෙවැනි වාහන තොගය පසුගිය සතියේ හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු විය. ග්ලෝවිස් සෙන්චරි නමැති නෞකාවෙන් රැගෙන ආ වාහන


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 90 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 507 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1108 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site