
- මුල් මාස තුනේ ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 1,282ක් වැය වෙලා
මේ වසරේ මාර්තු මාසයේදී මෙරට ඉන්ධන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 630ක් ලෙස සටහන්ව තිබේ. එය පසුගිය වසරේ මාර්තු මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 360.7 ක මුදල හා සැසඳීමේදී සියයට 74.7 ක ඉහළ යාමකි.
එහිදී මූලිකවම පෙබරවාරි මාසය අගදී ආරම්භ වූ මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි සිදු වූ ඉහළ යාම හේතු විය.
මේ අතර වසරේ මුල් මාස තුනේදී ඉන්ධන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,281.5ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 වසරේ මුල් මාස තුනේදී පැවැති ඩොලර් මිලියන 1,056.7 ක වියදම හා සැසඳීමේදී සියයට 21.3 ක ඉහළ යාමකි.
ඒ අනුව වසරේ මුල් මාස තුනේ සමස්ත ආනයන වියදම වන ඩොලර් මිලියන 3,190න් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්ධන ආනයනය සඳහා වැය වී තිබේ. පසුගිය වසරේ මුල් මාස තුනේ ආනයන වියදම ඩොලර් මිලියන 2,857ක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd