IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මහජන සෞඛ්‍ය නිලධාරී ක්ෂේත්‍රයේ නිල සන්නිවේදන සම්පාදකයා ඩයලොග්

ගෝලීය වසංගත තත්ත්වයට එරෙහිව සටන් කිරීමෙහිලා සෞඛ්‍ය අංශ ඵලදායී ලෙස බලගැන්වීමේ දැඩි අවශ්‍යතාවය හමුවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ විෂය පථය යටතේ ඇති සියලු මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා, නිල සන්නිවේදන සම්පාදකයා ලෙස ඩයලොග් ආසිආටා (ඩයලොග්) ආයතනය අත්වැල් බැඳගෙන තිබේ. මේ යටතේ දිවයිනේ සමස්ත මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අදාළ සම්බන්ධතා ජාලය තුළ නොමිලේ නිල සන්නිවේදන පහසුකම් ලබා දීමට කටයුතු කරන ලදී. එසේම නම් කරන ලද ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය නිලධාරීන් සඳහා ලබා දී ඇති මෙම නිල දුරකථන අංක, https:/alt.army.lk/phi2/ වෙත පිවිස මහජනතාවට පහසුවෙන් ලබාගත හැකි අතර, නිලධාරීන්ගේ වෙනස්වීමක් හෝ ස්ථාන මාරුවක් සිදුවුව ද එම ප්‍රදේශයට අදාළ අංක නොවෙනස්ව පවතිනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආයතනය විසින් සපයනු ලබන මෙම විශේෂිත සේවාව හරහා ශක්තිමත් සම්බන්ධතා ජාලයක් ඇති කරනු ලබන අතර, එමඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වඩාත් ඵලදායී ලෙස මෙහෙයවීමට හැකියාව ලැබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව ඩයලොග් ආයතනය විසින් සිදු කරන මෙම වැඩසටහන හරහා සෞඛ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම අරමුණු කර ඇත. මෙම සේවාව දැනට පවතින පද්ධති හා ඒකාබද්ධ කර තවදුරටත් පුළුල් කළ හැකි අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, ත්‍රිවිධ හමුදා, රාජ්‍ය පරිපාලන කාර්ය මණ්ඩල සහ තවත් බොහෝ අංශ සඳහා අදාළ සම්බන්ධතා ජාලය තුළ නොමිලේ සන්නිවේදන පහසුකම් ඉදිරියේ දී සපයනු ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි (නිතීඥ) මහත්මිය සිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “ශ්‍රී ලංකාව තුළ මෙම වසංගත තත්ත්වය මැඩපැවැත්වීමේ අපගේ ජාතික ප්‍රයත්නයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයට අඛණ්ඩව සහයෝගය ලබා දීම පිළිබඳව ඩයලොග් ආසි ආටා ආයතනයට අපි ස්තූතිවන්ත වෙනවා. මෙම සන්නිවේදන සේවා තුළින් අපගේ මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය සේවා ප්‍රයත්නය වඩාත් ඵලදායීව හා ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවෙනවා. ඩයලොග් ආයතනයේ සහාය ඇතිව අනෙකුත් රජයේ ආයතන සඳහා ද මෙම සේවාව ලබා දීමට අපි බලාපොරොත්තු වන අතර, එමඟින් පූර්ණ වශයෙන් සම්බන්ධිත, විධිමත් ජාතික සේවා සැපයීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණු කරයි.”

මහජන සෞඛ්‍ය නිලධාරී ක්ෂේත්‍රයට නොමිලේ නිල සන්නිවේදන පහසුකම් සැපයීම සඳහා වූ ගිවිමේ ඩයලොග් ආසිආටා සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට බාරදුන් අවස්ථාව. එම අවස්ථාවට සහභාගි වු ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ අංශ කළමනාකාර - මහා පරිමාණ ව්‍යාපාර - සුමේධ හේරත්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සාමාන්‍යාධිකාරී - මහා පරිමාණ ව්‍යාපාර - රොෂාන් සිල්වා, සෞඛ්‍ය අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ සෞඛ්‍ය අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කාංචන ජයරත්න යන මහත්වරු ද පසෙකින් වෙති.

 



අදහස් (0)

මහජන සෞඛ්‍ය නිලධාරී ක්ෂේත්‍රයේ නිල සන්නිවේදන සම්පාදකයා ඩයලොග්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site