සෙලාන් බැංකුව පසුගියදා පැවැත්වුණු ‘Euromoney Awards for Excellence 2026’ හිදී ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for Customer Experience) සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for SMEs) ලෙස සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන Euromoney සම්මාන උළෙලේදී රටවල් අනුව පිරිනමන ප්‍රධානතම සම්මාන දෙකකි.
Euromoney යනු ගෝලීය බැංකුකරණය, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ආයතනික මූල්‍ය යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරන ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය සඟරාවක් සහ වෙළෙඳපොළ බුද්ධි තොරතුරු සම්පාදකයෙකි. Euromoney වෙතින් ලැබුණු මෙම ඇගයීම, උසස් මට්ටමේ පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීමට සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට සෙලාන් බැංකුව දක්වන කැපවීම යළි තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැක.
මීට පෙර 2025 Euromoney සම්මාන උළෙලේදීද පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සම්මානයට පාත්‍ර වීමට සෙලාන් බැංකුව සමත් විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා මෙසේ පැවසීය. “මෙම සම්මාන හිමි වීම, වඩාත් අර්ථවත් සහ පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවා සැපයීම සඳහා අප දරන උත්සාහය යළිත් තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සම්මානයට පාත්‍ර වීම, මානව සම්පත් සහ නවීන තාක්ෂණය උදෙසා අඛණ්ඩව ආයෝජනය කරමින් ගනුදෙනුකරුවන්ට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ ලබාදීම සඳහා අප දරන උත්සාහයේ සාර්ථකත්වයට සාක්ෂි දරනවා. එමෙන්ම, Euromoney වෙතින් මෙම සම්මාන හිමි වූ පළමු ශ්‍රී ලාංකික බැංකුව වන්නේද සෙලාන් බැංකුවයි.”
ස්වාධීන ඇගයුම් ක්‍රියාවලියක් හරහා 2026 International Euromoney Awards for Excellence හිදී සෙලාන් බැංකුව වෙත හිමි වූ මෙම සම්මාන, තම ගනුදෙනුකරුවන්ගේ යහපත වෙනුවෙන් අඛණ්ඩව සහය වන බැංකුවක් ලෙස මෙන්ම මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් කැප වී සිටින බැංකුවක් ලෙස සෙලාන් බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන සුවිශේෂී ඇගයුමක් ලෙස හැඳින්විය හැකි වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd