IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


පොල් ආනයනය නොකළොත් අපනයන කර්මාන්තය අනතුරේ

  • මාසයකට ගෙඩි මිලියන 100 බැගින් ආනයනය කරන්න ඕනෑ
  • මාසික පොල් අවශ්‍යතාව ගෙඩි මිලයන 250
  • පසුගිය නොවැම්බරය වනවිය ඩො.මි. 782 ක් උපයලා

භානුක අමරසිංහ
වර්තමානයේදී රට තුළ පවතින පොල් අර්බුදය දේශීය පරිභෝජනයට මෙන්ම අපනයන පොල් කර්මාන්තය වෙතද තර්ජනයක් එල්ල කර තිබෙන බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) සඳහන් කරයි. ඒ අනුව අපනයන පොල් කර්මාන්තය රැක ගැනීම සඳහා හැකි ඉක්මනින්ම පොල් ආනයනය සඳහා අවසරය ලබාදීමට අවධානය යොමු කරන ලෙස එම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි.
අපනයන පොල් කර්මාන්තය වෙත සම්බන්ධ සංගම් රැසක් නියෝජනය කරන මෙම ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ඊයේ ජාතික වාණිජ මණ්ඩලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කළේය. 
ඔවුන් පෙන්වා දෙන ආකාරයට අද වනවිට මෙරට මාසික පොල් අවශ්‍යතාව පොල් ගෙඩි මිලියන 250ක් පමණ වෙයි. ඉන් මිලියන 150ක් දේශීයව පරිභෝජනය සඳහා යෙදවෙන අතර, ඉතිරි මිලියන 100 අපනයනය වෙනුවෙන් යොදා ගනී. කෙසේ වෙතත් පොල් පර්‌යේෂණ ආයතනය මගින් සිදු කර ඇති පුරෝකතනයට අනුව 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 200ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.
“මේ පොල් ගෙඩි ප්‍රමාණය රටේ දේශීය පරිභෝජනය සඳහා සහ අපනයනය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි රජයෙන් ඉල්ලන්නේ ඉදිරි මාස කිහිපය සඳහාවත් මාසයකට පොල් ගෙඩි මිලියන 100ක් බැගින් ආනයනය කරන්න අනුමැතිය ලබා දෙන්න කියලා. මොකද මේ පොල් අපනයන කර්මාන්තයට පොල් අවශ්‍යයි. පොල් නැති වුණොත් මේ කර්මාන්තය ලබා ගෙන තිබෙන ඇණවුම් ලබා දෙන්න හැකියාවක් නැති වෙනවා. එහෙම වුණොත් මේ කර්මාන්තය කඩා ගෙන වැටෙනවා.“ යනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා මෙහිදී සඳහන් කළේය.
එම මණ්ඩලය සඳහන් කරන ආකාරයට පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළදී මෙරට පොල් අපනයන කර්මාන්තය හරහා උපයා දී ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 782 කි. එය පෙර වසරේ එම කාලසීමාව හා සැසඳීමේදී සියයට 20ක වර්ධනයකි. එසේම මෙම ආදායම ඩොලර් බිලියන 1.5ක ආදායමක් බවට පත් කර ගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
අපි ඉල්ලන්නේ මේ සැපයුම් දාමය ස්ථාවර තත්ත්වයකට පත් කිරීම සඳහා පොල් ගෙඩි මිලියන 200ක් හෝ කොප්පර චිප්ස්, වියළන ලද පොල්, පොල් කිරි සහ ශීත කළ පොල් කැබලි වැනි ඒ හා සමාන අමුද්‍රව්‍යයක් ආනයනය කිරීමට අවසර දෙන්න කියලයි. එතැනදී තෙල් සහ කාබන් කර්මාන්තය සඳහා අවශ්‍ය නැවුම් පොල් ආනයන වඩාත් සුදුසු වගේම ලාභදායකයි.’’
පවතින බාධා මඟහරවමින් දැනට ගෙඩි මිලියන 3000ක් පමණ වන මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 5,000ක් බවට පත් කර ගත හැකි වුවහොත් ඉතාමත් හොඳ අපනයන ආදායමක් ළගා කරගත හැකි බවත් මෙම මණ්ඩලය පෙන්වා දෙයි.



අදහස් (1)

පොල් ආනයනය නොකළොත් අපනයන කර්මාන්තය අනතුරේ

Kamal Koyrala Thursday, 23 January 2025 12:19 PM

සුළු පිරිසකගේ සුඛ විහරණය සඳහා සොච්චම් ඩොලර් ප්‍රමාණයක් රටට ලැබීමෙන් අත්වන ප්‍රතිඵලයක් නේ දේශීයද දේ දේශීය ජනතාවට පාරිභෝජනය සඳහා අවශ්‍යයි. එක පොල් ගහක් වවන්නේ නැතිව මේ කරන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site