IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පරිසර හිතකාමී නිෂ්පාදන කරන නිෂ්පාදකයින් ලියාපදිංචි කරයි

(විනීතා එම් ගමගේ)

 

පොලිතීන් හා ප්ලාස්ටික්වලට විකල්ප වශයෙන් භාවිතා කළහැකි නිෂ්පාදනවලට වෙළපොළ සහය ලබාදීම සඳහා එවැනි නිෂ්පාදන කරන ව්‍යාපාරිකයන් ලියාපදිංචි කිරීමට පියවර ගත්බව පරිසර රාජ්‍ය අමාත්‍යංශය කියයි.

මෙවැනි නිෂ්පාදන ලියාපදිංචි කර ඔවුන්ට අවශ්‍ය වෙළඳපොළ සකස්කර දීම මෙන්ම නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට අවශ්‍ය ණය ආධාර ලබා දීම උදෙසා මැදිහත්වීමට මෙම ලියාපදිංචි කර ගැනීම් සිදුකරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පැවැසීය.

මෙසේ ලියාපදිංචි වන කරමාන්තකරුවන්ට ප‍්‍රාග්ධනය සොයාගැනීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හා වාණිජ බැංකු සම්බන්ධ කරදීම කර්මාන්ත අමාත්‍යංශය විසින් සිදුකරන බවත් ඔවුන් විසින් වෙළඳපොළ සකසා දෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම පිරිසගේ නිෂ්පාදන අලෙවිය සඳහා ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මෙන්ම හස්ත කර්මාන්ත මණ්ඩලය ද මේ වනවිටත් සූදානමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පරිසර හිතවාදී භාණ්ඩ ප‍්‍රචලිත කිරිම තුළින් නව ජීවන විලාසිතා බවට ඒවා පත්කර ගැනීමටත් ප්ලාස්ටික් හා පොලිතීන් ඉවතලීමටත් ජනතාව පුරුදු වන බව කී සමරවීර මහතා අමාත්‍යංශයේ දී මේ මස 20 වැනිදා සිට ලියාපදිංචිය ලබා ගත හැකි වන බව ද ප‍්‍රකාශ කළේය.  



අදහස් (1)

පරිසර හිතකාමී නිෂ්පාදන කරන නිෂ්පාදකයින් ලියාපදිංචි කරයි

Perakum Wednesday, 19 February 2020 05:25 AM

හැම රජයකින්ම මෙතෙක් කල් කියපු කතාව මේ කට්ටියත් කියනවා වගෙයි. වැඩක් වෙයිද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site