උගත් පාඩම් හා සංහිදියා වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සදහා ඉදිරියටත් පොදු රාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාවට සහය වනු ඇතැයි එහි ලේකම් ජෙනරාල් කමලේෂ් ෂර්මා ඊයේ (27) අරලියගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී පැවසීය.
පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරුණු පොදුරද මඩුළු සමුළුවේදී එකඟවූ කරුණු කාරණා හා ශ්‍රී ලංකාව අත්පත් කරගැනීමට නියමිත ඉලක්කයන් පිළිඹඳවද මෙම හමුවේදී දෙපාර්ශවයේ අවධානය යොමු විය.
තම ශ්‍රී ලංකා සංචාරය පොදුරද මඩුළු සමුළුවට පසු ශ්‍රී ලංකාවේ ප්‍රගතිය දැක බලා ගැනීමට සිදුකළ ගවේෂණ චාරිකාවක් ලෙස හැඳීන්වූ කමලේෂ් ෂර්මා තමන් ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉහළින්ම සෑහීමට පත්වන බව කීය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ කටයුතුද ඔහු අගය කළේය.
COMMENTS
ඔය කාට කාටත් ඕන විදිහට අපි නටන්න ඕනේ නැහැ.අපේ රටෙත් නීතියක් කියල දෙයක් තියෙනවනේ ඕවට.අද හුග දෙනෙක් අපේ රටට ඇගිලි ගහන්නේ මේ දේශපාලන පංගු බේරුව නිසයි.එක්කෙනෙක් විරුද්ධව කතා කරද්දී අනෙක් කෙනා ඒකට පක්ෂව කතා කරනවා.ඔන්න ඕක නිසා තමයි අද අපේ රට හෙල්ලුමට ලක්වෙලා තියෙන්නේ. (අ)
එක්කෙනෙක් විරුද්ධව කතා කරද්දී අනෙක් කෙනා ඒකට පක්ෂව කතා කරනවා.ඔන්න ඕක නිසා තමයි අද අපේ රට හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ.(හේ)
ඔය කාට කටත් ඕන විදිහට අපි නටන්න ඕනේ නැහැ.අපේ රටෙත් නීතියක් කියලා දෙයක් තියෙනවනේ ඕවාට.(හේ)
මොනවා දුන්නත් පොලිස් සහ ඉඩම් බලතල දෙනවට මම විරුද්දයි (නදී)
මොනවා දුන්නත් පොලිස් සහ ඉඩම් බලතල දෙනවට මම විරුද්දයි (නදී)
මොනවා දුන්නත් පොලිස් සහ ඉඩම් බලතල දෙනවට මම විරුද්දයි (නදී)