නවතම ජංගම දුරකථන මාදිලි පෙළක් ළඟදීම ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමට ලොව ප‍්‍රමුඛතම තාක්ෂණ සන්නාමයක් වන ඔපෝ සැලසුම් කර ඇත. ඔක්ටා කෝ සීපීයූ සමග 3ජී රැම් සහිත මෙය ඉදිරියේදී මෙරට වෙළඳපොළට හඳුන්වා දීමට නියමිතය.
මෙහි ඉදිරිපස කැමරාවට Beautify 4.0 තාක්ෂණය යොදා ඇති අතර පසුපස කැමරාවද සුපැහැදිලි ඡුායාරූප ගැනීමට හැකිවන පරිදි සකස් කර තිබේ.
ඔපෝ ්71 පිළිබඳ අදහස් දක්වමින් එම සමාගමේ මෙරට ප‍්‍රධාන විධායක නිලධාරී ටොම්සූ මහතා සඳහන් කළේ, අසමසම වේගයකින් යුතු නව ජංගම දුරකථනය මෙරට ජනතාවට ලබාදීමට හැකිවීම පිළිබඳ තමන් ඉතා සතුටුවන බවයි.‘‘පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවිතයේ සොඳුරු මතකයන් ඡායාරූපගත කිරීමටත් ඒවා සිය ආදරණීයයන් අතර බෙදාහදා ගැනීමටත් ඔපෝ සමාගම මෙතෙක් ඔවුන් වෙනුවෙන් දායාද කළ සියලූ පහසුකම් ද මෙම මාදිලියෙන් අත්විඳීමට ඔවුන්ට හැකිවීම ද විශේෂත්වයක්’ යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙමගින් ඡායාරූප ගැනීම, වීඩියෝ නැරඹීම සහ ක‍්‍රීඩාවල යෙදීම ආදිය වඩාත් පහසුවෙන් සිදුකළ හැක.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.