
(සටහන සහ ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම අඩුවීමත් සමග එළවළු තොග සහ සිල්ලර මිල විශාල වශයෙන් ඉහළගොස් ඇත.
විශේෂයෙන් දඹුල්ල වෙළඳපලට කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු සියල්ල කිලෝවක් රුපියල් 150 ත් 220ත් තොග මිලක් පවතින බැවින් එම මිලටවත් වඩා වැඩි මිලක් සිල්ලර වෙළදපලේ පවතී .
25 දින වනවිට දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවලු වර්ග කීපයක තොග මිල මෙසේය .

මිට සාපේක්ෂව සිල්ලර එළවළු මිල තොග මිලට වඩා දෙගුණයකින් ඉහලගොස් ඇති බව සිල්ලර වෙළදපොල ට ගොස් සොයාබැලීමේදී අනාවරණය විය .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් කියා සිටින්නේ වෙනදා අක්කර දෙක තුන වගාකළ පිරිස අක්කර කාලට බාගෙක එළවළු වගාකර තිබෙන බවයි. එයට හේතුව වන්නේ නිෂ්පාදන වියදම විශාල වශයෙන් ඉහළයාම සහ රටේ පවතින වෙනස්වූ කාලගුණික තත්වය බලපෑ බවය.
එළවළු වගාව අඩුවීම, නියඟය, ජලය වැඩිවීම, වගාවට අවශ්‍ය කෘෂි උපකරණ, බීජ පොහොර, තෙල් ආදී වෙළෙන්ඳන්ගේ හිතුමතේට අලෙවි කළද, කිසිදු බලධාරියකු ගේ අවධානයක් යොමු නොවී තිබීම නිසා මේ තත්වය උදා වී ඇති බවය .
එළවළු මිලදී ගැනීමට පැමිණි වෙළෙන්ඳන් කිවේ මුදල් දී රැගෙන යන එළවළු මිලදී ගන්නා පාරිභෝගිකයන් ඉතා සීමිත ප්‍රමාණයක් මිලදී ගන්නා බවත්, කිලෝවක් ගත්කෙනා ග්‍රෑම් 250ක් මිලදී ගන්නා බවය.
එමෙන්ම මේ දිනවල එළවළු මිලදී ගැනීමට එන වෙළෙන්ඳන්ගේ වැඩිවීමක් පැවතියද ලැබෙන එළවළු ප්‍රමාණය අඩුවීම මේ තත්වයට බලපා ඇති බවය.
මෙහිදී එක ගොවියකු අපට සිල්ලර වෙළද පළේදී හමුවිය .එම ගොවි මහතා වම්බටු ගෙනවිත් ආර්ථික මධ්‍යස්ථානයේ තබා කිලෝවක් රු 80 බැගින් විකුණා නිවසට යන අතර තුරදී සිල්ලර වෙළදපලකට ගොස් වම්බටු ග්‍රෑම් 500ක මිල විමසීය. එතැන ග්‍රෑම් 500 ක මිල රුපියල් 100ක් බව ගොවිමහතා පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන විදියට මේ තොරතුරු හරිම වටිනවා. මම යෝජනා කරනවා සේම සතියකම මිල තොරතුරු ප්‍රසිද්ධ කරන්න කියලා. එය හරිම ප්‍රයෝජනවත්. ලංකාවේ කොහෙවත් මිල තොරතුරු ගබඩාවක් නැත....
ගිනිගණන් යන එක කොච්චර හොඳද ගොවියාට....
ගොවියන්ට වඩා අතරමැදියන් මාර විදියට සල්ලි හම්බ කරන්නේ. මේ මිල ගණන් තීරණය කරන්නේ අතරමැදි වෙළෙන්දන්. ඔවුන්ට ඕන ගාන තමා කියන්නේ. කිසිම මිල සුත්‍රයක් නැහැ. මමත් සතියක් කොරටුවේ සිට දඹුල්ලේ එළවලු ගේනකල්ම වෙන දේවල් බැලුවා. කිලෝමීටර් 2ක් විතර බෝංචි කිලෝ 50 මිටි 3ක්ම බොහොම අමාරුවෙන් උස්සගෙන ඇවිල්ල පහුවදා පාන්දරම දඹුල්ලට ගෙනාවා. එත් කලින් දවසේ මිලට වඩා රු 50ක්ම අඩු වෙලා කිසිම හේතුවක් නැතුව. එත් පාරිබෝගිකයන්ට ලොකු මිලක් දීලා ගන්න වෙනවා. අතරමැදියන් මහන්සියෙන් තොරව මුදල් හොයනවා. මෙයට මුල සුත්‍රය තියෙන්නේ අතරමැදි කළු කඩ කාරයන්ගේ අතේ. විසදුමක් නැහැ මේකට.
ඒ වුනාට ඉන්දියාවෙන් අර්තාපල් ටොන් ගණන් ගෙන්නලා අඩු මිලකට අලෙවි කරන එක ගැන කවුරුවත් කට හොල්ලන්නෙ නැහැ ! මොකොද ශ්‍රී ලංකාවේ අල බහින්නේ නැද්ද ? දාඩිය මහන්සියෙන් වගා කරලා, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන එළවලු ආදිය සඳහා සාධාරණ මිළක් නොලැබී සුසුම් හෙලන ගොවියන් ගැන රජය මීට වඩා සානුකම්පිතව බැලිය යුතු වෙන අතර අපේ රටේ වගා කරන්න පුළුවන් හැම දෙයක් සඳහාම විශාල ආනයන බදු ගහන්න.
දඹුල්ලේ විතරද එළවලු ගිනි ගණන්? හරියට අනිත් පළාත්වල බොහොම ලාබෙට එළවලු තියෙනවා වගේ.
අහිංසක මිනිස්සුන්ගේ ලේ, ඇට, මස්, නහර ටිකත් විකුණලා තමන් විතරක් රජවෙන්න හිතන් හූරගෙන කන ජාතිය.. මේවගේ කර්ම ගෙවන්න වෙද්දී තේරෙයි..