ශ්‍රී ලංකාවේ විශාලතම ඉදිකිරීම් ප්‍රදර්ශනය වන ‘කන්ස්ට්‍රක්ට් 2012‘ අඛණ්ඩව 12 වැනි වරටත් ලබන අගෝස්තු 10-12 යන දිනයන් හිදී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට යයි. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රෙය් ප්‍රමුඛ ආයතනයක් වන යු.ටී.ඊ සමාගම මෙවර අඛණ්ඩව සිව් වැනි වරටත් ඊට ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශනය දකුණු ආසියා කලාපයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඉතා වැදගත් අවස්ථාවක් වන බවත් මලයාසියාව, ඉන්දියාව, පාකිස්ථානය හා චීනය වැනි රටවල් නියෝජනය කරමින් ආයතන රැසක් සහභාගී වනු ඇති බවත් සංවිධායකයෝ කියති. පුස්තකාල දර්ශන. 2011 ප්‍රදර්ශනයේ දී යු.ටී.ඊ. සභාපති ප්‍රිසත් ප්‍රනාන්දු මහතා මහින්ද රාජපක්ෂ ජනපතිට සමරු ඵලකයක් පිළිගන්වයි.