IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව මහ බැංකු අධිපතිට

මුදල් ව්‍යාපාර සහ කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර සම්බන්ධව පවත්නා අවිධිමත් සහ නීතිවිරෝධී කටයුතු ගැන සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (7) බාරදෙන ලදි.

කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ මෑතකාලීන ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින් මූල්‍ය සහ කල්බදු මූල්‍යකරණ (ලීසිං) ව්‍යාපාරයේ නීතිවිරෝධි සහ අවිධිමත් ක්‍රියාකාරකම් පිළිබඳව සොයාබලා වාර්තා කිරීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා ඉකුත් දිනෙක ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.

එම කමිටුව කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මහජනතාව, සිවිල් සංවිධාන, මූල්‍ය අංශයේ සමාගම සහ මූල්‍ය ව්‍යාපාර මෙන්ම කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර සම්බන්ධව උනන්දුවක් දක්වන වෙනත් පාර්ශවවලින් අදහස් යෝජනා සහ පැමිණි 200කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබිණි.

එම කමිටුව එම අදහස් සහ යෝජනා මෙන්ම පැමිණිලි ද විමර්ශනය කර කරුණු විමසා බැලීමෙන් අනතුරුව අදාළ වාර්තාව සම්පූර්ණ කර මහ බැංකු අධිපතිවරයාට බාර දී ඇත.

කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ නීතිවිරෝධි සහ අවිධිමත් ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලද අතර ඒ අනුව කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ අවධානය යොමු කළ යුතු ක්‍රියාකාරකම් කොටස් දෙකක් හඳුනාගෙන තිබේ.

කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ නීතිවිරෝධී ක්‍රියාකරුවන් සම්බන්ධ ගැටලු සහ දැනට නියාමනයට යටත් වන කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර සිදු කරන පිළිගත නොහැකි ක්‍රියාකාරකම් යන්න එම කොටස් දෙකයි.

055



අදහස් (2)

ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව මහ බැංකු අධිපතිට

Buddhika P Thursday, 09 July 2020 07:39 AM

ආර්ථික පරිපාලනය සම්බන්ධව ඉතාම අදූරදර්ශී ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. ලුණු ගෙන්වන එක නවත්වලා, රට ලුණු එන එකට බදු ගහලා, තවතව පුංචි පුංචි ඉම්පෝට්ස් නවත්තලා, සල්ලි බිලියන 500ක් විතර අච්චු ගහලා, විනිමය අනුපාත පාලනය කරන්න පුළුවන් වුනේ.., 1970 දශකය වගේ කාලවල. මාස දෙක තුනක ආර්ථික අනිටු ඵල ලැබෙන්නේ ඡන්දෙන් පස්සේ එන ආණ්ඩුවට... 50% වැඩි ගාණකින් බඩුමිල ඉහළ යනවා. විනිමය අනුපාත පාලනය කරගන්න බැරි මට්ටමකට යනවා. අන්න එතකොට තමයි එම්සීසී එන්නේ, වෙන නමකින්... 25% ඇඳුම් අපනයන ඇමරිකාවට යවන කොට ඉන් එහා ආර්ථියක් නෑ කියලා තමයි පහුගිය ආණ්ඩු හිතුවේ. මූලික ආර්ථික සිද්ධාන්තේ තමයි, දැන් තනිවම නැගිටින්න පුළුවන් කාලේ පහුවෙලා කියන එක තේරුම් ගන්න එක. දැන් ලෝකේ පුරාම තියෙන්නේ, ආර්ථිකය ගැට ගැහුණු දේශපාලන කුමන්ත්‍රණ. මේ නිසා තමයි, ඇමෙරිකන්, චීන, ඉන්දියා ආයෝජන වල හැංගිලා තියෙන දේශපාලනේ තේරුම් ගන්න එක. මේ වැඩේ ගෝඨා වටේ ඉන්න දේපාලන ආර්ථික බමුණු කුලේට කරන්න බෑ. මහ බැංකුවට කෑ ගහලා ආර්ථිකේ හදන්නත් බෑ. මිනිස්සුත් තේරුම් ගන්න ඕනේ, ආසන 113 -114 වඩා එක පක්ෂයකට නොදී ඉන්න... දේශපාලන සමබරතාව තමයි ඉදිරි ලංකාව බේරාගන්නේ.

:       157       29

upaliSaturday, 18 July 2020 12:26 PM

කවුද මේ ආර්ථික ඔස්තාර්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 983 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1034 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 408 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site