(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉකුත් සතියේදී 194 සීමාව ඉක්මවා ගිය රුපියල මේ වනවිට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (1) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 189.80ක් ලෙස දැක්වුණු අතර ගැනුම් අගය රුපියල් 184.90ක් ලෙස දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පසුගිය සතියේදී 194 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෙසැම්බර් 24 වැනිදා නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 194.66ක් දක්වා පහළ ගියේය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අනුව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇත.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩොලරයේ ගණන් බහී
Buddhika P Friday, 01 January 2021 02:04 PM
මේ අර්ථකථනය වැරදියි. මේ තියෙන්නේ මැටියෙන් අඹපු ඩොලරයක්. ලංකා ආර්ථිකයට සාපේක්ෂව තියෙන නිවැරදි විනිමය අනුපාත නොවේ. මේ කෘතිම ඩොලර් අනුපාත දිගටම හදන එකේ විපාක ඉතාම බිහිසුණුයි. ඉදිරි මාස 6 ලංකාවට ඉතාම තීරණාත්මකයි.
jagath G Saturday, 02 January 2021 07:24 PM
සුපුරුදු සූදුව පටන් අරන් වගේ...
JAGATH G Tuesday, 05 January 2021 08:22 AM
කබ්රාල්ගේ පරණ සෙල්ලම පටන් අරන් වගේ... අපේ හාමුදුරුවනේ... ?
Dampal Wednesday, 06 January 2021 03:48 AM
200 පැනලා ස්ථාවර වුණොත් තමයි හොඳ...
Buddhipa PThursday, 07 January 2021 08:02 PM
ඉතාම අඥාන වැඩක් කලේ ආනයන නවත්තලා දේශීය ආර්ථික හදන්න ගිය එක, මුළු ලෝකෙම වසංගත කාලෙක. මේක අවු 10 - 15 සැලැස්මක් ඇතුව යන්න ඕනේ ගමනක්. ඉන්දියාවේ මේක අවු 20ට එහා සැලැස්මක්. මේ නිසා ලංකාවේ ජීඩීපි එක 20% - 18% විතර වැටෙනවා. මූඩි ෆිච් අපිව ඩවුන් ග්‍රේඩ් කරා. ආයෝජන නැති වුණා. මම මේ තත්වේ පහුගිය අවුරුදු මුල ඉඳලම කිව්වා. ඩොලර් රේට් එක 230 - 250 අතරේ වෙනවා ආනයන තහංචි ඉවත් කරලා වැඩ පටන් ගන්න කොට. තවත් අඥාන කමක් කරන්න යනවා, ඉන්ටනැෂනල් ට්‍රේඩ් ස්‌වොප් වලට යන්න හදනවා, ඩොලර් හොයන්න. මේක ඊළඟ ආර්ථික විනාශේ. ඉදිරියට එන කිසිම ආණ්ඩුවකට ඔලුව උස්සන්න බැරි වෙනවා, වැරදිලා ගියොත්. විපක්ෂේ වත් මේ ගැන කතාවක් නෑ. අන්ත දුප්පත් යුක්රේනෙන් ටුවරිස්ට්ලා ගෙනාවට හපන් වෙයි.
Rata Perata Sunday, 10 January 2021 08:50 AM
මේ පරණ පුවත් තාම තියාගෙන ඉන්නේ රජයට සුදුහුණු ගාන්නද? දේශපාලුවන්, අමනයන් කිරීමේ වැඩි වගකීම ගතයුත්තේ මාධ්‍යයයි.