
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සහයෝගයෙන් 2026 අගෝස්තු 8 සිට 13 දක්වා ඉන්දියාවේ විශේෂ ව්‍යාපාරික සංචාරයක් සංවිධානය කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඉන්දියානු වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම සහ ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමයි.
මෙම දූත පිරිසට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සභාපති ඇතුළු නිලධාරීන් සහ Mansoor Gems, Punsiri Gems, Gem Paradise, Beauty Gems, Gemluxe Ceylon , Ashadi Jewellers, GemTrad , Ceylon Gemora, සහ Cey Gems වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක නියෝජිතයෝ මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සංගම් වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය, ලංකා මැණික් වෙළෙඳුන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය සහ සීලෝන් මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ඇතුළත් වූහ. මෙම සංගම් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් ප්‍රදර්ශන වන FACETS 2027, Gem Sri Lanka සහ Gem City Rathnapura ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කරන ලදී.
සංචාරය අතරතුර, 2027 ජනවාරි මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ‘Sri Lanka Expo 2027’ ප්‍රදර්ශනය සඳහා ඉන්දියානු සහ ජාත්‍යන්තර ප්‍රජාවට විශේෂ ආරාධනයක් කෙරිණි. මෙහිදී හුදෙක් ගැනුම්කරුවන් සහ ආයෝජකයන් පමණක් නොව, උසස් තාක්ෂණය, යන්ත්‍රෝපකරණ සහ ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයට අදාළ වෙනත් අංශවල නිරත ජාත්‍යන්තර ප්‍රදර්ශකයන්ට ද(International Exhibitors) මෙම ප්‍රදර්ශනයට එක්වන ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විශේෂයෙන් දිරිමත් කරන ලදී.
මෙම දූත පිරිස මුම්බායි හි පැවති ඉන්දියා ජාත්‍යන්තර ස්වර්ණාභරණ ප්‍රදර්ශනය (IIJS) නැරඹූ අතර බොම්බේ වාණිජ මණ්ඩලය (BCCI) ඇතුළු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ මණ්ඩල කිහිපයක් සමග සාකච්ඡා පවත්වන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ ස්වාභාවික මැණික්වල ගුණාත්මකභාවය, දක්ෂ ශිල්පීය හැකියාවන් සහ ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම සිදු කෙරිණි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමේ සහි ‘Sri Lanka Expo 2027’ සඳහා ගෝලීය අවධානය දිනාගැනීමේ පුළුල් උපාය මාර්ගයක කොටසකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd