
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත ආලේපන සන්නාමයක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ (Asian Paints Causeway) සමාගම, මෙරට වෙළෙඳපොළට තවත් ප්‍රථම හඳුන්වාදීමක් සිදු කරමින්, නැනෝ තාක්ෂණය හරහා දියමන්තියක් බඳු පරිපූර්ණ නිමාවක් ලබා ‘Royale INFINITY ලක්ෂරි ඉන්ටීරියර් ඉමල්ෂන් තීන්ත නිෂ්පාදනය පසුගියදා නිල වශයෙන් එළි දැක්විය. මෙම නිල දියත් කිරීම මීගමුව හෙරිටන්ස් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවත්වුණු අතර, මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්‍රමුඛ පෙළේ අලෙවි නියෝජිතයන් සහ ආයතනික ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.
උණුසුම් ආගන්තුක සත්කාර මධ්‍යයේ විශේෂඥ දැනුම බෙදාහදා දෙන අන්තර්ක්‍රියාකාරී තාක්ෂණික සැසි ගණනාවකින් සමන්විත වූ මෙම එළිදැක්වීමේ උත්සවය සිය අලෙවි නියෝජිත ජාලය සමග පවතින විශ්වාසනීය හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම දක්වන කැපවීම මනාව පිළිබිඹු කළ අවස්ථාවක් විය. නිවසක අත්විඳින සුඛෝපභෝගීත්වයේ හැඟුම යනු ඇස පිනවන මතුපිට අලංකාරය පමණක් නොවන බව දන්නා නිවෙස් හිමියන් වෙනුවෙන්ම නිර්මාණය ‘Royale INFINITY ’ නිෂ්පාදනයට, තියුණු බව සහ නිවැරදි නිමාව හරහා එම අත්දැකීමට පරිපූර්ණත්වයේ හැඟුමක් එක් කිරීමට ඇති හැකියාව සහභාගී වූවන් වෙනුවෙන් නිදර්ශනය කිරීමට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම කටයුතු කර තිබිණි.
දේශීය පාරිභෝගිකයන් පිළිබඳ සිදු කළ පුළුල් සමීක්ෂණ මත පදනම්ව නිපදවා ඇති ‘Royale INFINITY යනු උසස් නිමාව අගය කරන, පළමු දසුනෙන්ම පරිපූර්ණත්වය හඳුනාගත හැකි ‘සුඛෝපභෝගී’ කාණ්ඩයේ පාරිභෝගිකයන් ඉලක්ක කරගත් නිෂ්පාදනයක් වන අතර, දේශීය වෙළෙඳපොළේ දැනට පවතින තීන්තවලට වඩා පස් ගුණයකින් වැඩි සුමුදු නිමාවක් බිත්තිවලට ලබා දීමට එයට ඇති හැකියාව නිසා ඇස පිනවන සුඛෝපභෝගීත්වයේ හැඟුම ස්පර්ශයෙන් විඳගත හැකි පරිපූර්ණ අත්දැකීමක් බවට පත් කිරීම එහි සුවිශේෂීත්වයයි.
මෙම සුවිශේෂී සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වූ ඒෂියන් පේන්ට්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ කලාපීය අධ්‍යක්ෂ බුද්ධාදිත්‍ය මුඛර්ජි මහතා මෙසේ පැවසීය. “නව ‘Royale INFINITY හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ ‘අලංකරණ තීන්ත ආලේපන’ වෙළෙඳපොළ විප්ලවීකරණය කරන නව යුගයක ආරම්භය සලකුණු කරන අවස්ථාවක් බව අපි විශ්වාස කරනවා. සැමවිටම පරිපූර්ණත්වය අගය කරන සහ එම විශිෂ්ටත්වය අපේක්ෂා කරන ලක්ෂරි කාණ්ඩයේ පාරිභෝගිකයන් මෙන්ම ඔවුන් වෙත අපේ නිෂ්පාදන ගෙනයන අපගේ අලෙවි නියෝජිතයන් වෙනුවෙන් නවීනතම නැනෝ තාක්ෂණය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් මුසු කරගත් අසමසම නිෂ්පාදනයක් ලබාදීමට හැකි විම අපට විශාල සතුටක්.”
කැළල්වලින් තොර තියුණු නිමාවක් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති ‘Royale INFINITY’ එදිනෙදා සිදුවන ගෙවී යාම් සහ පැල්ලම්වලට එරෙහිව උපරිම ආරක්ෂාවක් සපයයි. එමෙන්ම මෙහි ඇති විශේෂ සංයුතිය සීරුම්, තැවරුම් සහ පැල්ලම්වලට ඉහළ ප්‍රතිරෝධයක් දක්වන අතර එහි නම්‍යශීලී ස්වභාවය නිසා මිලිමීටර් 1.07 ක් දක්වා වූ සියුම් ඉරිතැලීම් බාධාවකින් තොරව වසා දැමීමට හැකියාව තිබේ.
සියුම් දිලිසීමක් ලබා දෙන ‘Luxe Pearl Finish’ සහ සිනිඳු, දිලිසීමෙන් තොර අලංකාරයක් ලබා දෙන ‘Soft Matt Finish’ වශයෙන් සුවිශේෂී ප්‍රිමියම් නිෂ්පාදන කාණ්ඩ දෙකකින් පාරිභෝගිකයන්ට ‘Royale INFINITY’’ ලබා ගත හැකි අතර සිය සෞන්දර්යාත්මක රුචිකත්වයන්ට සරිලන ආකාරයට වර්ණ 3,000 කට අධික ප්‍රමාණයක් අතරින් තෝරා ගැනීමට ඔවුන්ට හැකියාව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd