හර්ෂණ තුෂාර සිල්වා
ජාතික ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ පාඩුව ක්‍රමිකව අඩු වී ඇතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
2011 සිට 2015 කාලයේදී සමාගමේ පාඩුව රුපියල් බිලියන 91.8ක් වූ බවත් එම පාඩුව 2016/2017 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 27,789ක් දක්වා අඩු වූ බවත් සඳහන් කරයි.
වසර 2015 දී ඉන්ධන මිල ගණන් අඩු වූ නිසා ප්‍රවේශපත්‍රවල මිල අඩු වුවත් ඉන්ධන මිල ඉහළ ගිය පසු ඊට සාපේක්ෂව ප්‍රවේශපත්‍ර මිල ඉහළ නොගිය බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම මිල අධික ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමට කටයුතු කිරීමත්, ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් 2016 වසරේ මූල්‍ය ප්‍රකාශය දුර්වල වූ බව එහි සඳහන්ව තිබේ.
COMMENTS
එහෙම වෙන්නද ඕනේ? යහපාලනේ අාවාට පස්සේ පහුගිය කාලේ ගුවන් යානා සමහරක් බදු දුන්නා නේද? එ්වා දුවන්නේ නැතුවහම පාඩු වෙන්නේ නැහැනේ?
පැරිස් ,,ෆ්‍රෑන්ක්පට් ,,, රෝම් ,,,,වහල දාල ඔය අහල පහල දුවපුවම කොහොමටත් පාඩු වෙන්නේ නැහැ ,,,,,යුරෝපයේ ප්‍රධානම නගර 3 කට එන්නේ නැති ගුවන් සමගම මොකක්ද ,,, හරියට ප්‍රයිවෙට් බස් එකක් වගෙයි ,,,
නිතරම ගුවන් යානයේ ගමන් කරන නිසාද මන්ද මහන්තත්ත්වයෙන් ඉන්න ගුවන් සේවිකාවන් අයින් කරලා, අර ඉස්සර තිබුනි කියනවා වගේ හොඳ සේවාවක් දෙන්න. මිනිසුන්ට කාරුණිකව සලකන්න. මම කිහිප වත්වක්ම දැකල තියෙනව් සාමාන්‍ය පන්තියේ ගමන් කරන ශ්‍රී ලාංකිකයින්ට බොහොම පහත විදිහට සලකන්නේ. විදේශිකයෙක් යමක් අහුවහමත්, සමහර වෙලාවට වෙනත් සේවිකාවක් එක්ක සිංහලෙන් අර විදේශිකයා සමච්චලයට අරන් කතා කියල හිනාවෙනවා. සමච්චලය අඳුනගන්න භාෂාව එතරම් වැදගත්කමක් නැහැ. ඔවුන්ට සිංහල මතක් වෙන්නේ ඔය වගේ සමච්චල් කරන්න විතරයි. අනිත් වෙලාවට ඉංග්‍රීසිය මව්භාෂාව කියල හිතාගෙන ඉන්නේ. අනිත් සියලුම ගුවන් සේවයන් තමන්ගේ භාෂාවෙන් නිවේදන කරනවා, නමුත් අපේ ගුවන් සේවය ලැජ්ජයි. (කොළඹ ජපානය අතර ගුවන්ගමන් ඇසුරිනි)
මම නම් දැක්කේ 2016 දී පාඩුව මිලියන 2200 කියල' මහින්දගේ කලේ එක මිලයන 900' ඒ කාලේ ගුවන් යාන මිලදී ගත්තනේ'
අලිබාබා (වාස්) හා හොරු හතලිහ දැන් මේවාට ඇඟිලි ගහන්නේ නෑනේ.
2011 සිට 2015 ට අවුරුදු 4 යි. පාඩුව ට්‍රිලියන 91.8 යි. 2016/2017 අවුරුදු 1 යි. පාඩුව ට්‍රිලියන 27.789 (මිලියන 27,789). ඒ අනුව ට්‍රිලියන 27.789 x අවුරුදු 4 = ට්‍රිලියන 111.156. එතකොට මොන ආණ්ඩුවෙන්ද අඩුවෙන් පාඩු සිද්ධවෙලා තියෙන්නේ??
පන්චානම් කර්මයේ එන කතාවක් හා සමාන කල හැකි කතාවකි
තව පොඩ්ඩක් කල් පහුගිය ආණ්ඩුවේ පාලනේ තිබ්බා නම්, අපිට එමිරේට්ස් එකත් එක්ක තරඟ කරන ඒක බොහොම සුළු දෙයක්, අපරාදේ, අපේ අවාසනාව!
තමන්ගේ භාෂාවෙන් කතා නොකරන එකම ගුවන් සමාගම ලෙස නම් තබා ඇත. සිසුන් සහ පුද්ගලයින් ලක්ෂයක් ජීවත් වෙනවා කියා මෙයට වසර ගනනකට කලින් වගේ ඔය ගමන් කෙටි කාලයකට පමණක් සීමා වුණා...එතකොට මේ මුළු යුරෝපයේම ඉන්නේ ලක්ෂයකට් අඩුවෙන්ද ලංකාවේ කට්ටිය... මා දන්නා තරමින් ඉතාලියේ මිලාන් නගරයේ පමණක් 35000 පමණ සිටින අතර මුළු ඉතාලියම බැලුවොත් ලක්ෂ 2 ක් පමණ සිටිනවා..
ශ්‍රීලන්කන් ගුවන් සේවය පාඩු ලබන්න ගත්තේ මහින්දගේ ආණ්ඩුව කාලේ ඊට කලින් හොඳට ලාබ තිබුන මහින්ද සහ පවුලෙ කට්ටිය ලෝකේ වටේ රවුන් ගියා නොමිලේ ...
තෙල් බැරල් එක ඩොලර් 150 සිට ඩොලර් 50 ටත් වැඩ අඩුවීමෙන් වූ වියදම් අඩුවීම ගණන් බැලුවද
සැම ගුවන් සමාගමකම අඩුම පන්තියේ ගමන් කරන කොට කුඩම්මාගේ සැලකිල්ල තමයි ලැබෙන්නේ.ඔබේ සම දුබුරු නම්,නිකමට වගේ බිරිට්ෂ් එයාර්, වර්ජින් වැනි ගුවන් සමාගම් පාවිචිකර බලන්න කොහොමද සැලකිල්ල කියල.අන්තිමයි.
60 කෝටියේ වන්දිය 80 කෝටියක් වෙන්න ගෙවපු නිසා ලාබ ඇති... එම ගණන එකතු කරන්න බැරි වෙලාද කොහේද?
අතුල ඔබ නිවැරදියි. මේ ආණ්ඩුව ඔක්කොම කරන්නේ මිනිස්සු රවටන එකනේ. පසුගිය දිනවල ජාතික ආදායම ඩොලර් වලින් බැලුවම පාඩුවට පෙනුනට රුපියල් වලින් බැලුවම ඉහල ගිහිල්ල කියලා. එ්කට හේතුව රුපියල බාල්දුවිම. එ්කත් වාසියකට හරවාගෙනයි ඉන්නේ....
මෙන්න තවත් ටොම් පචයක්, තමන්ගේ නොහැකියාව වහ ගන්න මහින්ද ආණ්ඩුවට වැරදි පැටවීම දැන් විලාසිතාවක් වෙලා, ගුවන් සේවේ ලොක්කෝ ඉන්නෙත් දැන් මේක පිටරටකට විකුණලා කොමිස් කුට්ටියක් සාක්කුවේ දා ගන්න. පහත දක්වා ඇත්තේ මහා බැංකු වාර්තා අනුව ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ පාඩුව පිළිබද විස්තරයි, ඔබටම මහා බැංකු වෙබ් පිටුවට පිවිසීමෙන් එය ලබාගත හැක 2016/17 මිලියන 27,789.83 - යහපාල යුගය 2015/16 මිලියන 12,083.62 - යහපාල යුගය 2014/15 මිලියන 16,329.90 - මහින්ද යුගය 2013/14 මිලියන 18,365.83 - මහින්ද යුගය 2012/13 මිලියන 21,857.60 - මහින්ද යුගය 2011/12 මිලියන 17,208.38 - මහින්ද යුගය
එක වෙන්නැති මේ විකුනන්න දගලන්නේ
මම යහපාලනෙට චන්දෙ දුන්නේ මේ අලාබ අඩු වීම මම හිස් මුදුනින් පිළිගන්නවා ගුවන් යානාමිලට ගන්න ගිවිසුම අවලංගු කරලා කෝටි ගානක් (කොටි 70 ට 89 ගෙවපු බව ) මම පිළිගන්නේ නැහැ කබීර් හසීම් ඇමති තුමා කියන්නේ බොරු
ඔය මගුල 77 අරඹ කලේ එදා JR ට තිබුන මහන්තත්ත කමක් රට උකස් කරලා ලෝකෙට පෙනෙන්න හේදුව එයාර් ලංකා කියල එදා ඉදලම ඔකේ පව් කර ගැහුවේ රටේ දුප්පත් ජනය ඒවුනත් රටට කන්න දෙන මැදපෙරදිග යන මිනිස්සු එහෙදී විපතක් වෙලා මලත් එක මිනියක් රජයේ වියදමින් අද වෙන තුරු ගෙනාවේ නැහැ ඔය එක එක පුරසාරම් දෙඩුවට ඇත්ත ඕක තමා , ඕක සුදු අලියෙක් ඔය විනාශ කරපු සල්ලිවලින් රටේම පාරවල් ටික පුළුල් කලානම්