
(නිමල කොඩිතුවක්කු)
කටුනායක ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර්ස් ක්‍රමය අහෝසි කර සංචාරකයන්ට සිදුවන පීඩා නැති කිරීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ප්‍රමිතියෙන් යුත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා සිටින සංචාරක රියදුරන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවති කටුනායක ගුවන්තොටුපල සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ගේ සංගමයේ රියදුරන් සඳහා නිලහැඳුනුම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.
“ගුවන්තොටුපලට පැමිණෙන සංචාරකයන්ට ලංකාවට ආවම තමන්ගේ සංචාරය සඳහා වාහන කුලියට ලබාගන්නා කවුන්ටර් 6ක් තිබෙනවා. ඡන්දයක් ඉවර වුණාම ආණ්ඩුව ගන්නා උදවිය ගිහින් මේ කවුන්ටර් ගහලා ගන්නවා. ඊළඟ අවුරුදු 5 මේවා කරන්නේ ආණ්ඩුවේ බලය තියන උදවිය. ඊට පස්සේ එන ඡන්දයකදී අනිත් කණ්ඩායමට බලය ගියාම ඔවුන් කරන්නෙත් ඒකමයි. කටුනායක ගුවන්තොටුපල ඇතුළේ මේ වගේ තත්වයක් තමයි පහුගිය කාලේ තිබුණේ.
මුලදී මේක මාෆියාවක්. පස්සේ මේක දේශපාලන අරගලයක්. සමහර කාල වල පාතාලයත් මේක මෙහෙය වූවා. මේකෙන් අසරණ වුණේ මේ රියදුරු මහත්වරු. ටෙන්ඩර් දාලා මේ කවුන්ටර් ගත්ත මහා පරිමාණ සමාගම් රියදුරන්ගෙන් කුලිය විදියට ලොකු ගාණක් ගත්තා. මේවා පිටුපස හිටපු සමහර දේශපාලනඥයන් ලක්ෂ ගාණක් මුදල් හම්බ කළා.
මේ සංචාරක මාර්ගෝපදේශ රියදුරන් හඳුනාගැනීම සඳහා වෙනම හැඳුනුම්පතක්ලබාදෙනවා. ඒ අයට වෙනම නිල ඇඳුමක් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම සංචාරකයන් සමග කටයුතු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව අපි ලබාදෙන්න තීරණය කරලා තිබෙනවා.
මේ මගීන් සංචාරකයන්ට විධිමත් හා ප්‍රමිතියෙන් යුතු සේවාවක් සපයන්න අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුළ යුතුයි. කවුරුහරි බීමත්ව මේ සේවාවේ නියුතු වුවහොත් ඔහුව වහාම ඉවත් කරන්න ඕනෑ. ඒ එක්කම සංචාරකයෙකුට හිරිහැර වෙන විදියට කටයුතු කරලා පැමිණිල්ලක් ආවොත් එම වාහනය මෙම සේවාවෙන් ඉවත් කළ යුතුයි. මෙම සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ගේ විනයක් තිබිය යුතුයි. සංචාරක රියදුරන්ගේ සේවය ගෞරවණීය සේවාවක් බවට පත් කිරීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා ” යැයිද ඔහු එහිදී පැවසීය.
2025 නොවැම්බර් මස 21
105
0
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
193
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර් අහෝසි කරන්න යයි
gayan Wednesday, 23 September 2020 04:45 AM
ඔබතුමාලා මොනවා කිව්වත් අන්තිමට අපි එයාර් පෝර්ට් එකෙන් එළියට ආවම අපිට ඕනේ ටැක්සි එකක යන්න දෙන්නේ නෑ... ඔතන ඉන්න මාෆියා කාරයින්....
chanda Friday, 25 September 2020 12:05 PM
එදා මෛත්‍රී යුගයක් ඕනෑ කියපු එවුන් එළියට වරෙව්...
sampath Monday, 28 September 2020 10:21 AM
ඕක තමයි රට ගැන ජාත්‍යන්තරය මුලින්ම ගන්න වැරදි පුර්වාදර්ශය